උදෑසන අසිරිය
- 2019-07-26 10:10:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසන හිරැ කුමරා කඳු වැටියෙන් නැගි එන්නේ සැමට ම ආයුබෝවන් කියමිනි. හිරැ කුමරා තම වැඩ කරන්නට පටන් ගන්නේ සියලු දෙනාව ම තම හිරැ රුස් විහිදුවා වදි කරමිනි. සමහර කුරැලු පැටවු කම්මැළිකමට ගුළි වී නිදා ගෙන සිටිති. හිරැ කුමරා තව තවත් රුලි එවා කුරැලු පැටවු අවදි කරවයි. කෙසේ වුව ද ඔවුන්ට අවදි වන්නට සිදු වන නිසා ඔවුහු හිරැ කුමරාට නෝක්කාඩු කියමින් අවදි වෙති. ටික මොහොතකින් මුළු ගම ම හිරැ කුමරා අවදි කරවා අවසන් ය.
රෝස, පිච්ච, නෙළුම්, මානෙල් මල් විකසිත වි සුවඳ හමා පරිසරය ම සුවඳවත් කරයි. බඹරැ, දෙබරැ, මී මැස්සෝ, සමනල්ලු ගම හරහා දුවන්නාක් මෙන් මල් පැණි බිමට මල් කරා පියඹා යති. ඔවුන් යන්නේ නිකම් නොවේ. කිසියම් රහසකුත් ඇතිව ය. එම රහස් ඔවුහු රැරැං ගාමින් මල්වලට කියති. තුරැලතාවෝ නව පණක් ලැබුවා සේ ප්‍රබෝධයෙන් සිටිති. කුරැලු හමුදාව ද කිචිබිචි ගාමින් කෑම සෙවිමට පියඹා යති.
කුඹුර මැදින් දිව යන ළමෝ ඈතට පෙනෙන්නේ කොකුන් රූනක් පියඹා යන්නාක් මෙනි. ගොවියා උදැල්ල හා කැත්ත කරේ තබාගෙන සැහැල්ලුවෙන් දෙපා නගා කුඹුරට යනවිට උදය අසිරිය තවත් වැඩි වේ. ගොයම් පැළවල ඇති පිනිබිඳුවලට හිරැඑළිය වැදී මුළු කුඹුරම පෙනෙන්නේ මැණික් කැටවලින් වැසුණු පතලක් මෙනි.
දිය කඩිති ළඟ කොකුන් සිටින්නේ සිල්ගත් තාපසයන් ලෙස ය. එහෙත් එම රුවටිල්ලට බුද්ධිමත් තිත්තයෝ අසු නොවෙති. ‘ පුතා නැගිටින්න‘ යන හඬත් සමග මම අවදි වුණෙමි. වේලාව උදෑසන 7. 00 ය. මම සිටින්නේ නගරයක ය. මම සූදානම් වන ගමන් සිතුවේ ‘ගමක උදෑසන අසිරිය‘ සිහිනෙන් දැකීමට මා කොතරම් වාසනාවාන්ත ද.
ජුලියා සෙව්වන්දි පිගරේරැ
6 ශ්‍රේණිය,
මීගමුව ආවේ මරියා කන්‍යාරාමය.
Reply To:
Name - Reply Comment
0 Comments