උදෑසන අසිරිය

2024 මැයි මස 02 පෙ.ව. 10:25 - {{hitsCtrl.values.hits}}  

මම උදෑසන අවදි වී ජනේලය ඇර වටපිටාව බැලුවෙමි. මට පෙනුණේ මීදුමෙන් වැසී ඇති කඳු වැටිය යි. මම එළියට ගියෙමි. මට දැනුණේ මගේ පයට පෑගෙන පිනිබිඳු යි. මා මුහුණ සෝදා පාසල් යාම සඳහා සූදානම් වූයෙමි. ඉන්පසු අම්මාට හා තාත්තාට වැඳ මම පාසලට ගියෙමි. එවිට මා දුටුවේ පුරවා තිබූ වතුර බේසමට බැස සිටින කුරැල්ලන් ය. කුරැලු ගීත මාගේ දෙසවන් පිනවයි. කොක් රූනක් සේ පාසල් යන ළමුන් අතරට මම ද එක් වුණෙමි. ගොයම් කරල් බිමට නැමී ඇත. සුවඳ හමන මල්වල රොන් ගැනීමට එන බිඟුන්ගේ ගුමු ගුමු නාදය දෙසවන් පිනවයි. උදැල්ල අතට ගත් ගොවියා කුඹුර දෙසට යයි. සියලු දෙනා අවදි වී ඇඳ පැලඳ ගෙන ලහි ලහියේ වැඩට යති. කිචි බිචි ගාමින් කෑම සොයා යන කුරැල්ලන්ගේ හඬ ඉතා මිහිරි ය. උදෑසන අසිරිය මෙය යි.

ඉඳුමිණි උමාරා
ධර්මපාල විද්‍යාලය,
පන්නිපිටිය.

දින පොත