උපන්දිනයට තෑග්ගක්
- 2019-06-17 10:36:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක ගමක සිඟිති කියලා ළමයෙක් හිටියා.එයා හරිම හොඳ ළමයෙක්. එයා හැම පෝයට ම සිල් ගන්න ආච්චිත් එක්ක පන්සල් යනවා. දැන් එයාගේ උපන් දිනයට තව දවස් දෙකයි. සිඟිතිට ඉවසිල්ලක් නැහැ එයාගේ උපන් දිනය සමරනකල්. ඔන්න උපන් දිනය දවසත් ආවා. අම්මා කේක් එකක් හැදුවා. අක්කයි අයියයි ගෙදර සැරසුවා. ඔන්න සිඟිති ඉස්කෝලේ ගිහින් ආවා. සිඟිතිට හැමෝම සුබ පතන අතරේ අම්මා සාලයට කේක් එක ගෙනාවා. සිඟිති ඉටි පන්දම නිවුවා. හැමෝම අත්පුඩි ගැසුවා. කේක් කෑල්ලක් අතට අරගෙන සිඟිති හැමෝටම කේක් කැවුවා. සිඟිතිගෙ තාත්තා සිඟිතිට ලස්සන තෑග්ගක් දුන්නා. සිඟිති ඒක ඇරලා බැලුවා. ඒකේ හිටියේ ලස්සන බලු පැටියෙක්. සිඟිතිට හරි සතුටුයි. සිඟිති බලු පැටියව ආදරෙන් බලා ගත්තා.
ඉඳුමිණි උමාරා ආදිහෙට්ටි
5 ශ්‍රේණිය,
බප/ජය/ ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments