කම්මැළි නොවු ගොවියා

2024 අප්‍රේල් මස 29 ප.ව. 05:40 - {{hitsCtrl.values.hits}}  

       එක ගමක දුප්පත් ගොවියෙක් ජීව්ත වුණා. එයා මුදල් සොයා ගත්තේ කුඹුරැ වැඩ කරලා. දවසක් මෙයාගේ කුඹුරට සත්තු ඇවිත් ගොයම් පැළ විනාශ කර දැම්මා. උදේ ගොවියා කුඹුරට ඇවිත් බලන විට ඔහු දැක්කා ගොයම් පැළ විනාශ වී ඇති බව. ඔහුට දුක හිතුණා. එයාගේ පවුලට කෑම නැතිවුණා.  ගොවියා කල්පනාවට වැටුණා. ආයෙත් පැළ ගෙනැවිත් සිටුවා නිදා නොගෙන පැළ රුකීමට එයා සිතුවා. ගොවියා උදෑසන කුඹුරේ පැළ සිටුවා දිවා රාත්‍රි නිදා නොගෙන පැළ රුක්කා. ටික දිනක් යනවිට කුඹුරේ පැළවල වී කරල් හට ගත්තා.  මෙය දුටු ගොවියාට මහත් සතුටක් ඇතිවුණා. ගොවියා වි විකුණා මුදල් ලබා ගත්තා. කම්මැළි නොවූ නිසා යි මේ තරම් දෙයක් ලැබුණේ කියලා එයාට තේරැණා. අපිත් ඒ ගොවියා වගේ කම්මැළි නොවි වැඩ කිරීමට පුරැදු වෙමු.

කයියුම් නායිලා
5 ශ්‍රේණිය,
බප/ගම්/ මීග/ කදිරාණ කනිෂ්ඨ විද්‍යාලය.

දින පොත