කම්මැළි වෙන්න එපා
- 2019-08-05 11:13:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිටසරබද ගමක රබර් වත්තක් තිබුණා. අම්මා කෙනෙක් ඇවිල්ලා උදෙන් ම කිරි කපනවා. ඒ වත්ත මැද විලක ගෙඹි අම්මෙකුයි දඟකාර ගෙඹි පැටවු දෙන්නකුයි හිටියා.අම්මේ අපි දැන් ලොකුයි නේ. අෑතට ඇවිදින්න යන්නද කියලා ඇහුවා. ‘හොඳයි පුතේ පරිස්සමින්. අනතුරැ වැඩියි. නයි, දියබරි, උකුස්සෝ එහෙම ඉන්නවා. උන්ගෙන් බේරෙන්න හොඳට හිතට ගන්න‘. අම්මා කිවුවා.
ගෙඹි පැටවු උදෙන් ම නැගිට්ටා. එක්කෙනෙක් දිග පිමි පැන්නා. එක්කෙනෙක් කෙටි පිමි පැන්නා. පැනලා තියෙන්නේ රබර් කිරි බාල්දියකට. එක් ගෙඹි පැටියෙක් අඬ අඬා බාල්දියේ මුල්ලකට වුණා. අනිත් කෙනා කිරි බාල්දියෙන් උඩට පැනලා වතුර වළකට පැනලා නාලා ගෙදර ගියා. අනිත් ගෙඹි පුතාගේ මෝඩකම අහලා අම්මා හරියට දුක් වුණා. බාධක ජය ගන්න ඉගෙන ගන්න එක තමයි ලොකුම දේ කියලා අම්මා කිවුවා. අම්මා කිරි බාල්දියේ හිටපු ගෙඹි පැටවාට එළියට එන්න උදවු කළා.
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය,
මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments