කවුරුන් වුවද කතා නොකරන තාත්තාගේ වටිනාකම
- 2019-09-24 17:20:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරැවකු මෙලොවට බිහි කරන්නේ මවක් ය. කිරි දී පෝෂණය කරන්නේ ද මව ය. දරැවන් සමග නිතර ගැවසෙන්නේ ද මව ය. නිතර ම කතා බහේ යෙදෙන්නේ ද මව පිළිබඳව ය. ඒත් තාත්තා ද ඊට නොදෙවෙනි කාර්යභාරයක් තම දරුවා වෙනුවෙන් ඉටු කරයි. කෙසේ ද යත් දරැවකු පෝෂණය කරන්නේ මව ය. ඒත් ඒ පෝෂණය සඳහා අවශ්‍ය ආහාර සපයන්නේ පියා ය. දහදිය වගුරැවා අතෙහි කරගැට එන තෙක් වැඩවල නිරත වී මිල මුදල් සොයන්නේ පියා ය.
දරැවන් වන අපට පාසල් යෑම සඳහා අවශ්‍ය වන පොත් පාසල් භාණ්ඩ ආදි දෑ අප සපයා ගන්නේ පියා සොයනා මිලමුදලිනි. පියා නිවසේ ප්‍රධානියා ය. දරදඬු තැනැත්තකු ලෙස තාත්තා හැඳින්වූවාට තාත්තාගේ සිතෙහි අප වෙනුවෙන් ඇති දරැ සෙනෙහස මෙලොව විනාශ වුව ද නැතිවන්නේ නැත. තම පවුල තම දිවි දෙවැනි කොට රකින තාත්තා සැබැවින් ම සිංහරාජයකුට දෙවැනි නැත.
තාත්තාගේ වටිනාකම මෙලොව දේවල් හා සැසඳිය නොහැකි ය. එනම් තාත්තා ඉතාමත් වටිනා වූ පුද්ගලයෙකි. මා උපදින හැම සසරෙම මගේ තාත්තා මගේ ම තාත්තා වී උපදින්නැයි මම ප්‍රාර්ථනා කරමි. කවුරැන් වුවද වැඩිපුර කතා නොකෙරැවාට තාත්තා ඉතාමත් වටිනා පුද්ගලයෙකි.
නෙත්මි නවෝදා කරැණාතිලක
10 ශ්‍රේණිය,
ව/ගිරි/ රතනාලංකාර මහා විද්‍යාලය, අලව්ව.
Reply To:
Name - Reply Comment
0 Comments