කියවීමේ අගය
- 2019-01-15 16:27:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කියවීම යන්න අර්ථ දැක්වුව හොත් ඒ මුවින් කියවීම නොව පොතක්, පුවත්පතක් කියවීමය. පොත්පත් අපේ ජීවිතය ආලෝකවත් කරන එක් උපාංගයකි. එක් අරමුණක් නොමැතිව ජීවිතය ඔහේ ගෙවන මිනිසුන් අත්‍යවශ්‍යය. හබල් නැති ඔරැවක් මගින් අපට නිසි තැනට ළඟාවිය නොහැකිය. එහෙත් හබල් ගෑ විට අපට අවශ්‍ය තැනට ළඟාවිය හැකිය. ජීවිතය නැමැති ගංගාවේ යාත්‍රා කරන අපට පොත්පත් හබල් වැනිය. පොත්පත් වලින් යහපත් ගුණාංග අපේ ජීවිතයට එකතු වේ. මැක්සිම් ගෝර්කි, මාර්ටින් වික්‍රමසිංහ, ඒබ්‍රහම් ලින්කන්, කුමාරතුංග මුනිදාස ආදි ශ්‍රේෂ්ඨ මිනිසුන් ලොවට දායාද කළේ පොත්පත්ය. &කියවීම මිනිසා සම්පූර්ණ කරයි* යන ප්‍රකාශය පොත්වල වටිනාකම මනාව පෙන්වයි. පොත්පත් ජීවිතය වැරදි මගින් සුමගට ගනියි. විටෙක පොතපත කළණ මිතුරෙකි. තවත් විටෙක උපදෙස් දෙන වැඩිහිටියෙක් මෙන්ද පොත්පත් කටයුතු කරයි. අපතේ යන අමිල කාලය පොත්පත් මගින් අර්ථවත්ව වැයකළ හැකිය. පොත් අප ගෙල අගනා මුතුහරකින් සරසයි. අපිත් පොත්පත් කියවමු. දැනුම වඩමු. ජීවිතය පල ලබමු.
එම්.ජනිදි ෂෙහාරා වීරරත්න
8 වැනි ශ්‍රේණිය,
සුරදූතික බාලිකා පාසල.
පයාගල.
Reply To:
Name - Reply Comment
0 Comments