Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කි ය වී මේ අ ග ය

  • 2018-10-01 16:10:00
  • 0 Comments

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි‘ මෙම වාක්‍යයෙන් අදහස් වනුයේ පොත්පත් පරිශීලනය තුළින් ඕනෑම පුද්ගලයකුගේ දියුණුව ළඟා වන බවයි. තමා කෙතරම් ප්‍රඥා සම්පන්න පුද්ගලයකු වුවත් පොත්පත්වලට වැඩි නැඹුරැවක් නොදක්වන්නේ ද ඔබගේ සම්පූර්ණ ජීවිතය හබලක් නැති ඔරැවක් වැනිය.
පොත්පත් පරිශීලනය මගින් බොහෝ ප්‍රයෝජන අපට ලැබේ. එනම් නොදන්නා කරැණු රුසක් දැන ගැනීමට හැකියාව ලැබේ. තමා කිනම් හෝ කරැණක් පිළිබඳව සොයා බැලීමේ දී පොත් කියවීම  නිසා තමාගේ මොළය තුළ ගබඩා වී ඇති කරැණු අවශ්‍ය වූ විට උපකාර කර ගත හැකි ය. තරගයකට විභාගයකට සූදානම් වීමේ දී  එම තරගයට අදාළ තොරතුරැ පොත් කියවීම මගින් ගොනු කරගත හැකිය. යම්කිසි  පුද්ගලයකු නොදන්නා කරැණක් පිළිබඳ ව විමසූ  විට එම කරැණ පිළිබඳව තොරතුරක් ලබා දීමට අවශ්‍ය කරැණු තම ගබඩාකර ඇති මොළයෙන් ලබා ගත හැකි ය.
අද සමාජයතුළ පොතපතට වැඩි නැඹුරැවක් දැක්වීමට දරැවන් වැඩි උත්සාහයක් නොගනී, මක්නිසා ද යත් අද තාක්ෂණයේ දියුණුව නිසා පොත් පරිහරණය වෙනුවට රෑපවාහිනිය දුරකථනය පරිගණකය ආදි උපකරණ භාවිතයට පුද්ගලයන් යොමු වී ඇත. රට පුරා ම පුස්තකාල දක්නට ඇත. එහෙත් එම ස්ථාන හුදකලා වී ගොස්ය.
පුද්ගලයකු වුවද පොත්පත් පරිශීලනය නිසා උගතෙකු විය හැකිය. ‘කාලය රන් හා සමානය‘.එම නිසා අද පුද්ගලයාට තමාගේ වැඩ රාජකාරි නිසා පොත්පත් පරිශීලනය අමතක වී ගොසිනි. පොත් කියවීමට අමතර කාලයක් අවශ්‍ය නොවේ. තමාගේ විවේක කාලය අර්ථවත් ව හා පලදායි ව ගත කිරීමට පොත් කියවීම යොදාගත හැකි ය. 
ඔබ කියවීමට නැඹුරැ නොවූ පුද්ගලයෙක් නම් අද සිට පොත් කියවා තම ජීවිතය සාර්ථක කර ගැනීමට අදිටන් කර ගන්න.

තරණි චතුෂිකා
9 ශ්‍රේණිය,
බප/හෝ/ඉළුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.