කුඹුරු යාය
- 2019-11-22 13:43:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඈත සිට ගලා බසින මනරම් නදියේ ජලය ලියද්දෙන් ලියද්දට ගලා යන විට ඉන් නැහැවී නිල් පැහැ ගැන්වී ඇති ගොයම් තලා කාගේත් සිත් දිනා ගනී. කුඹුර මැද සිටින පඹයා නිසා ගොයම් පැළ අසලට ඒමට බියේ සිටින පක්ෂීහු කෙසේ හෝ ගොයම් පැළඅසලට යාමට උත්සාහ කරති. වක්කඩෙහි ධවල පැහැති පෙණකැටි අතරින් මතු වූ උඩ පනින තිත්ත පැටවුන්ට කුරැමානම් අල්ලමින් සිල් ගත් උපාසකයන් මෙන් කොක් පිරිස බලා සිටියි.
ගොයම් පැළ සොලවමින් හමා එන සුළඟ කාගේත් ගත සිත
ප්‍රබෝධවත් කරයි. නියර මැදින් වක්කඩට දිය ඇල්ලක් මෙන් ජලය ගලා එන නිසා කුඩා ළමෝ නල බඹර සාදා වක්කඩේ තබා ඇත. අඳුර කෙමෙන් කෙමෙන් ළඟා වෙයි. කොපමණ අඳුර වැටී ගියත් කුඹුරැ යායේ මනහර බව මැකී යන්නේ නැත.
ශනුක් දිනේක ප්‍රනාන්දු
6 ශ්‍රේණිය,
තර්ස්ටන් විද්‍යාලය,
කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments