කොච්චියෙන් නුවර ගියෙමු
- 2018-12-21 10:11:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක් දිනක් අපි දුම්රියේ නැගී නුවර ගියෙමු. එදින අපගේ සතුට නිම් හිම් නැති විය. මගේ සහෝදරිය සහ මම දුම්රියේ ජනේලයෙන් අවට ප රිසරය තුළ ඇති අසිරිය වින්දෙමු. අපි නැවත ජනේලයෙන් පිටත බලද්දී අලංකාර ගස්වැල්, මල්පැළ ආදිය දිගටම පෙනෙන්නට පටන් ගති.
අප ගිය දුම්රියේ පෙට්ටි 12ක් පමණ ඇත. එහි අසුන් එකිනෙකට මුහුණ ලා පිහිටා ඇත. ඒ මම දුම්රියේ ගිය පළමු ගමනයි. එය අපට මහත් විනෝදයක් ගෙන දුනි. අපට අවට පරිසරය ගැන තොරතුරැ රාශියක් දැන ගැනීමට හැකි විය.
නුවරට ගිය අපි දළදා මාලිගාව වැනි ආගමික හා අලංකාර ස්ථාන නැරඹීමට ගියෙමු. මේ දුම්රිය ගමන මට කිසිදා අමතක නොවෙනු ඇත.
මයුමි මේකලා වැදිවෙල
7 ශ්‍රේණිය,
මො/ජේ.එම්. කුමාරදාස මහා විද්‍යාලය,
වැල්ලවාය.
Reply To:
Name - Reply Comment
0 Comments