Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එදා ඇසළ පුන් පොහෝ දිනයකි. උදෑසනින් අවදි වූ සියලු දෙනා සුදු ඇඳුමින් සැරසී කුරැණෑගල ප්‍රදේශයේ පොල්ගහවෙල පිහිටි දුම්රිය පොළට ගොස්, උඩරට මැණිකේ දුම්රියට නැග නුවර බලා පිටත් වුණෙමු. කඩුගන්නාව දුම්රිය පොළෙහි නවතා තිබූ පැරණි දුම්රියක් මනහර දසුනක් මෙන් අපගේ නෙත ගැටුණි. දුම්රියෙහි ගමන් ගන්නා අපි පරිසරයේ සිරි නැරඹීමට ද අමතක නොකළෙමු. මහත් අලංකාර කඳුවැටි සහ මල් වර්ග අපගේ නෙත ගැටුණි. උඩරට මැණිකේ දුම්රිය නුවර දුම්රිය ස්ථානයට පැමිණෙන තුරැ ම අපට ඒ බව දැනුණේ නැත.
නුවර දුම්රිය ස්ථානයෙන් බැස අප සියලුදෙනා පළමුව ශ්‍රීදළදා මාලිගාව වෙතට ගියෙමු. මල්පහන් පූජා කළ අපගේ සිත් සතුටින් පිරී ගියේය. දළදා පෙරහර ආරම්භ වන තුරැ අපි නුවර නගරයේ සිරි නැරඹුවෙමු. මද වේලාවකින් පෙරහර ආරම්භ විය. අපි නුවර වැව අසල සිට පෙරහර නැරඹුවෙමු. ගිනිබෝලකරැවන්ගේ විස්කම් පෙරහර විචිත්‍රවත් කරයි. රිද්මයානුකූල බෙර වාදනයෙහි හඬ සහ කස පහරෙහි හඬ පෙරහරේ අලංකාරය දෙගුණ තෙගුණ කරයි. දළදා පෙරහර නැරඹූ අපි සියලු දෙනා නැවත කුරැණෑගල බලා පිටත් වුණෙමු. 

ජනිත් නිරෝෂණ විජේකෝන්
6 ශ්‍රේණිය,
මහ/කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.