කෝච්චියේ නුවර ගියෙමු
- 2018-11-21 14:56:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු මුදුන් අතරේ ගැවී නොගෑවී කඳු, ගං, කැලෑ, කුඹුරැ පසුකරමින් ගම් නගර පසු කරමින් දුම්රිය ඉදිරියට ඇදෙයි. එම දර්ශන කෙතරම් මනරම් වුවද මිනිසුන්ගේ සිත් ඇද ගන්නා සුලු දසුන් පෙළකි.
දුම්රියේ ගමන් කිරීමේ ප්‍රියජනක මෙන්ම ත්‍රාස්‍යජනක අත්දැකීම් රුසකට මුහුණ පෑමට සිදුවේ. ප්‍රියජනක අත්දැකීම්වලට උදාහරණ ලෙස කඳු පර්වත අතරින් ගලා බසිනා දිය ඇළි මිනිසුන්ගේ සිත් ඇඳ ගන්නා දර්ශන පෙළක් මවයි. මිනිසුන් පෙළට සිටගෙන සිටිනවා සේ විශාල තුරැලතා එක් පෙළට පෙළ ගැසී ඇත. සවස් වනවිට ගිනි බෝලයක් මෙන් බැසයන ඉර මිනිසුන්ගේ සිතට ප්‍රීතියක් ද එක් කරයි. දුම්රිය වේගයෙන් ගමන් කරන විට ගැඹුරැ හෙල් දෙස බලා සිටීම ත්‍රාසජනක අත්දැකීමකි.
අපි උදේ 5.45 ට පමණ කොටුව දුම්රිය පොළෙන් උඩරට මැණිකේ දුම්රියට ගොඩ වීමු. පෙ.ව 9.30 ට පමණ අපි නුවරට ළඟා වීමු. කෝච්චියෙන් බැස ජීවමාන බුදුන් වහන්සේ වැඩ වෙසෙන
දළදා මාලිගයට වන්දනා කළේය. මාලිගයේ රන්දෝලි පෙරහර යෙදී තිබුණේ එදිනයි. අපි රාත්‍රී පෙරහර නැරඹුවෙමු. පෙරහරේ නර්තනාංග මෙන්ම ඇතුන් ද දැක මම මහත් සතුටට පත්වීමු.
තමාෂි ලක්මාලි
7 වැනි ශ්‍රේණිය,
කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලය,
කඳාන.
Reply To:
Name - Reply Comment
0 Comments