ගමයි පන්සලයි වැවයි දාගැබයි
- 2018-08-08 14:43:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අතීතයේ පටන් ගැමියන් අතර ඉතා ප්‍රකට කියමනකි, ගමයි පන්සලයි වැවයි දාගැබයි. එකිනෙකින් වෙන් කර ගැනීමට නොහැකි සබැඳියාවකින් පිරි මෙම කියමන ඉතාමත් සුන්දර වැකියකි. සීත සුළඟ වැදී රළ පහර නැගෙන සුන්දර වැව මැද පිපී දිලෙන පස් පියුම් නෙත්කලු ය. වැවට පසුපසින් පෙනෙන සුදෝ සුදු චෛත්‍ය සිතේ පිරැවට අතුරයි. සිත පිරිසුදු කරයි.
යල කන්නය මහ කන්නය දෙකට ම එක සේ ජලය බෙදන අපේ වැව ගමේ ජල සම්පත යි. ගමේ අහිංසක ගැමියා උදේ පටන් රූ වෙනතුරැ කුඹුරැ මැද වෙහෙසව වැඩ නිමා කරන්නේ මේ සොඳුරැ වැවෙනි. වැසි සමයේ එක් කරගත් වැසි ජලය පරෙස්සම් කර බෙදා දෙන්නේ මේ වැවයි.
ගම හා පන්සල බොහෝ කාරණා හමුවේ වඩාත් සමීපව බැඳී පවතියි. වැව් දියෙන් පෝෂිත වූ කෙත්වතුවල මුල්ම අස්වැන්න පූජා කරනුයේ ගමේ පන්සලට යි. ගමේ පන්සලේ දරැ දැරියන්ගේ මුල් ම අධ්‍යාපනය ලබන්නේ ද පන්සලෙනි.
ගම්මානයට අඳුර ගලා එයි. සුදුවතින් සැරසුණු ගම්වැසියෝ වැවෙන් නෙළාගත් නෙළුම් මල් සිත පුරා බෝධීන් වහන්සේට,පිළිම වහන්සේට හා චෛත්‍යයට පූජා කර පින් රුස් කර ගනිති.
සකුසලා සෙව්වන්දි
8 ශ්‍රේණිය,
ර/ ශ්‍රී සමනල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments