ගම්මානෙක සුන්දරත්වය
- 2019-04-04 21:24:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක් පැත්තක පිහිටා ඇති මනරම් කඳු පන්තියකින් ආවරණය වූ ගම්මානය ඉතාමත් ආරක්ෂිත භූමිභාගයකි. එම කඳුපන්තිය පාදක කොට ගෙන ගලායන ගිං නදිය ගල් පර අතරින් කෙමෙන් ගලා බසින්නේ මුළු ගමටම ආයුබෝවන් කියමිනි. එක් පැත්තකින් සුන්දර කෙත්යාය කඳු පන්තියේ ගෑවී නොගෑවී පියනගන සුළං රොදෙහි පහස විඳිමින්, නීලවර්ණයෙන් යුතු ළපටි ගොයම් පැළ ලතාවට පැද්දෙන අයුරැ ඉතාමත් මනස්කාන්ත දසුනකි. වනාන්තරයේ වෙසෙන විහඟුන්ගේ නාදය මුළු ගම්මානයම ප්‍රබෝධවත් කරන්නේ ගමෙහිම සුන්දරත්වය තව තව වැඩි කරමිනි. උදෑසනම අවදි වී නියර දිගේ පාසල වෙතට ඇදෙන පුංචි සිසු සිසුවියන් කිරි කොක් රූනක් වගේ පිරිසුදු ය. ගමේ පන්සලේ ඝාණ්ටා නාදය ඇසෙන විට බෞද්ධ අපගේ සිත් තුළ ඇතිවන්නේ මහත් ධර්මානුකූල චින්තනයකි. ගම්මානයෙහි කෙළවර කිසිවක් නොදැන ගලාබසින ගිංකොමළිය කෙත්වතු හා වෙනත් වගාවන්ට ජලය සපයන්නේ මවක තම දරැවන්ට දක්වන සෙනෙහස සේ ය.
සිතුම් මියුරංග
10 ශ්‍රේණිය,
ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments