ගස්වැල් සුරකිමු
- 2018-12-03 16:08:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්වාභාවික පරිසරයේ දක්නට ලැබෙන දේවල් අතර ගස්වලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. ගස්වැල් ‘තුරැලිය‘ නමින් ද හඳුන්වයි. ශාක ලෝකය අපට බෙහෙවින් උපකාර වේ.වාතය, ජලය, ආහාර, ඇඳුම්, නිවාස අපට ලබාදෙන්නේ ශාක ය. වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන අපට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දෙන්නේ ගස්වැල් ය. එය අප දිවි රුකුමට අවශ්‍ය සාධකයකි.
අපට ශක්තිය ලබාදෙන වැඩීමට උදවුවන විවිධාකාර ආහාර ලබාදෙන්නේ ගස්වැල් ය. අපට ජලය ලැබෙන ප්‍රධාන මාර්ගය වැස්සයි. වැස්ස ලබා දීමට ද පොළොවේ ජලය රඳවා ගැනීමට ද උදවුවෙමින් මිනිසාට ජල සම්පත රුක දෙන්නේ ද ගස්වැල් ය.
ඒ හැරැණුවිට මිනිසාට අවශ්‍ය ඇඳුම් පැලඳුම් වෙනත් ගෘහ උපකරණ නිවාස තැනීමට අවශ්‍ය දැවබඩු සෙවිලි ද්‍රව්‍ය සපයා දෙන්නේ ගස්වැල් ය. මෙවැනි ප්‍රයෝජන ලබාදෙන ගස්වැල් වලට මිනිස්සු හානි කරති. විවිධ ප්‍රයෝජන සඳහා ගස්වැල් කපා දැමීම ගස්වලට කරන හානියකි. එම නිසා ගස්වැල් පණ මෙන් සුරකිමු.
තේමිය ගවේෂ්
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය
මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments