Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

භූගෝලීය වශයෙන් දුරස්ථ බව ඉක්මවා සමාජීය වශයෙන් ලෝකය සමීපව කටයුතු කිරීම නිසා අද මුළු ලෝකයම විශ්ව ගම්මානයකි.එමගින් වැඩ ලෝකය පුළුල් වීමත්, තොරතුරැ තාක්ෂණයේ විප්ලවීය වෙනසත් ඊට හේතු වේ. මින් නැනෝ තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණය මෙන්ම අධ්‍යාපනික කටයුතු ද පහසු වී ඇත. සංචාරක කර්මාන්තයේ දියුණුව ද විශ්ව ගම්මානය තුළ දක්නට ලැබේ. ගෝලීයකරණය හේතුකොට ගනිමින් විශ්ව ගම්මානය තුළ නොනවතින්නා වූ තරගයක් දක්නට ලැබේ. 
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවන් පවතින්නා සේම යට කී දෑ හේතුවෙන් ශ්‍රී ලංකා ද්වීපයට විවිධ ආකාරයේ සෘණාත්මක බලපෑම් ද එල්ල වී පවතී. ඒඩ්ස් වැනි මාරාන්තික රෝග ඇතිවීමත්, පරිසර දූෂණය වීමත් සහ තොරතුරැ තාක්ෂණය හේතුවෙන් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ මුහුණු පොත ආදි අඩවි මගින් කුඩා දරැවා පවා යහපතට නොව අයහපත් ලෙස එය භාවිත කරයි.
අපි නූතනයේ යම්කිසි මට්ටමකට පරිණත වී විශ්ව ගම්මානය තුළ වැජඹීමට අපේක්ෂා කරති. ඒ සඳහා ගෝලීයකරණය තුළින් විශ්ව ගම්මානය තුළ වැපිරැවා වූ සෘණාත්මක බලපෑම්වලින් ඈත් වී ධනාත්මක දෑ අප ජීවිතයට ලබාගත යුතුවේ. දේශීයව හිඳිමින් විශ්වීයව සිතිය යුතුවේ. &ලෝකයේ සතර දෙසින් එන සුළඟට අප විවර විය යුතු සේම ඒ සුළඟින් අප ගසාගෙන නොයා යුතුය යැයි ප්‍රකාශ කළේ මහත්මා ගාන්ධි තුමාය.*

ජී.කවීෂා දිල්ෂානි
12 වැනි ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය,
දෙනගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.