ජංගම දුරකථනය
- 2019-07-30 10:13:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජංගම දුරකථනය යනු අද වර්තමාන සමාජයේ ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. අද සමාජයේ මිනිසාට නැතිවම බැරි උපකරණයක් ලෙස දුරකථනය නවීනතලයකට පත් වී ඇත. මෙහි ඉතා හිතකර පැත්තක් මෙන් ම ප්‍රබල අහිතකර පැත්තක් ද වෙළී පවතී. එය මෙසේ වදනකින් දැක්විය හැකි ය. ‘දුරකථනය හිතකර මිතුරෙකු මෙන් ම එක් විනාශකාරී රාක්ෂයෙකු ද වේ‘
මෙම ජංගම දුරකථනයෙහි හිතකර පැත්ත ගත් විට ඉතා අගනා ප්‍රයෝජන මතු කර දැක්විය හැකි ය. එනම් කුඩා දරැවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය වැඩසටහන් , ආහාර හා සෞඛ්‍ය වැඩසටහන්, ලෝකය සිසාරා යමින් තොරතුරැ රුස් කිරිමට හැකිවීම, ක්‍රීඩා වැඩසටහන් ඉතා කාර්යක්ෂමව නිවසේ සිට නැරඹීමට හැකි වී ඇත.
අහිතකර පැත්ත ගත් විට එය භයානක රෝගකාරක වෛරසයක් බවට පත් වී ඇත. මෙම තත්ත්වය හෙට අනාගතය භාර ගැනීමට සිටින කුඩා දරැවන් වන අපට මහත් තර්ජනයක් බවට පත් වී තිබේ. දුරකථනය නුසුදුසු දේ සඳහා භාවිත කිරීම අද වැඩි වී ඇත. මේ නිසා අනාගතයේ ලෝකය අගාධයක් කරා රුගෙන යනු නොඅනුමාන ය. එම නිසා අපි සියලු දෙන ම දුරකථනය නිසි අයුරින් භාවිත කළ යුත්තෙමු. එයින් අපට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
මිනුර අශේන්
9 ශ්‍රේණිය,
කෑ/දෙහි/ වලගම්බා මහා විද්‍යාලය,
ගලපිටමඩ.
Reply To:
Name - Reply Comment
0 Comments