ජයග්‍රහණයේ තෘප්තිය
- 2018-09-12 16:17:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්මන් සමාජයේ සියලු දේ සිදු කරන්නේ සතුට උදෙසා ය. සතුට හෙවත් තෘප්තිය ලබා ගැනීමේ එක් ක්‍රමයක් නම් ජයග්‍රහණය යි. ජයග්‍රහණය නමැති සතුට ලබා ගැනීමට අවංකව මහන්සි වී වැඩ කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. පාසල් සිසුන් වන අපට පමණක් නොවෙයි. විශ්වය තුළ සිටින ඕනෑම කෙනෙකුට ජයග්‍රහණය, තෘප්තිය ඇතිකරවන සුළුයි. ඉහත කී ආකාරයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට ධෛර්යය, කැපවීම, උත්සාහය, නොපසුබට වීර්යය තිබිය යුතු ය. අධ්‍යාපනයේ ඉහළ හිණිපෙත්තට ම නැග ජයග්‍රහණය ළඟා කර ගැනීමෙන් තමන්ට පමණක් නොව තම මව්පියන්ගේ සිහින සැබෑ කරන්නට හැකි වේ. පාසල් සිසුන් වශයෙන් අපට තිබිය යුතු එක ම තෘප්තිය ජයග්‍රහණයේ තෘප්තිය යි. තමන්ගේ අරමුණ ඉතා විශාල වුවද, එය සැබෑ කරගන්නට බැරිය කියා ලොව ම නැගී සිටියත් තමාගේ ඒකායන අරමුණේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිය යුතු ය. එවිට තම අරමුණ සිතිවිලිවලටවත් වචනවලටවත් සිමා නොවී සැබෑවක් ම වේ. එවිටි දැනෙන හැඟීම අපි ජයග්‍රහණයේ තෘප්තිය යැයි හඳුන්වමු.
නෙත්මි නුවන්දිකා
9 ශ්‍රේණිය,
බණ්ඩාරගම ජාතික පාසල,
බණ්ඩාරගම.
Reply To:
Name - Reply Comment
0 Comments