Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ලෝකයේ ජීවත් වන සෑම සතෙකුට ම මනුෂ්‍යයකුට ම අත්‍යවශ්‍ය ප්‍රධාන සාධක බොහෝ ඇත. එහි මූලික අවශ්‍යතා ලෙස ආහාර, ජලය, වාතය සැලකිය හැකි ය. ඊට අමතරව ද්විතියික අවශ්‍යතා ද පවතී. එනම් මානසික අවශ්‍යතාවක් ලෙස ආරක්ෂාව ප්‍රධාන තැනක් ගනී.
ආරක්ෂාව යනු කුමක්දැයි විමසා බාලමු. ආරක්ෂාව යන වචනයට සරල තේරැමක් පවති. එනම් රුකවරණය යි. අපට ආරක්ෂාව සපයන පුද්ගලයන් කොටස් 2 කි. එනම් පවුලේ සාමාජිකයන් හා බාහිර පුද්ගලයන් ය. පවුලේ සාමාජිකයන් යනු අපගේ පවුලේ සිටින මාපියන් සහෝදර සහෝදරියන් ය. බාහිර පුද්ගලයන් ගත් විට අසල්වැසියෝ, ගුරැවරැ, පූජක පක්ෂය, නිලධාරීහු, සමවයස් කණ්ඩායම් යන අය ද අපට ආරක්ෂාව සලසා දෙති.
එදිනෙදා ජීවිතයේ දී අපගේ වැඩ කටයුතු තනිව සිදු කර ගැනීමට අපහසු ය. ඒ සඳහා අපට පවුලේ සාමාජිකයන් හා බාහිර පුද්ගලයන්ගේ උදවු ලබා හැකි ය. ඔවුන්ගේ උදවු නොමැතිව අපට ද අපගේ ආරක්ෂාව තනියම සලසා ගත නොහැකි ය. එනම් , අකුණු ගසන විට ගස් යට නොසිටීම, පාපුවරැවල ගමන් නොකිරීම, වැරදි පුරැදුවලට ඇබ්බැහි  වීමෙන් වැළකීම, වාහන විටදී රෑපවාහිනිය නොබැලීම යනාදියෙන් අපට තනිවම ආරක්ෂාව සපයා ගත හැකි ය.
ආරක්ෂා වීමෙන් අත්වන වාසි රාශියක් පවතී. එනම් පවුලේ සමගිය, සතුට,දෙමාපියන් දරැවන් අතර පවතින සම්බන්ධතාව වැඩිවේ. නිවසේ ජීවත් විමට ප්‍රිය වේ. යහපත් ගුණාංග වර්ධනය වේ. බලයෙන් හා සැකයෙන් ජීවත් වීමට සිදු නොවේ. ජීවිතය ප්‍රිය වීම යනාදිය ආරක්ෂාවෙන් අත්වන වාසි ය. 

සවීනා තරැෂිනි සිල්වා
8 ශ්‍රේණිය,
ශාන්ත සෙබස්තියන් බාලිකා මහා විද්‍යාලය,
කඳාන.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.