දළදා මාලිගාවේ ඇසළ පෙරහර

2024 මැයි මස 17 පෙ.ව. 02:07 - {{hitsCtrl.values.hits}}  

දළදා වහන්සේගේ පූජනියත්වය ප්‍රෞඩත්වය විදහා දක්වන කන්ද උඩරට ඓතිහාසික දළදා පෙරහර ඉතා සුවිශේෂ බවක් පෙන්නුම් කරයි. දළදා පෙරහරෙහි වැඩම කරනුයේ දළදා මාලිගාවේ තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ ය. දළදා පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ ය. එය ඇසළ මාසය නමින් ද හැඳින්වේ. 
මෙම පෙරහර චිරාගත සම්ප්‍රදායයන්ට අනුකූලව පවත්වන්නකි. එහෙයින් පෙරහර පැවැත්වෙන්නේ නැකැත් මුල් කරගෙන ය. ඊට  අදාළ නැකැත්  දළදා මාලිගාවේ ‘නැකැත් මොහොට්ටාල‘ විසින් පිළියෙල කර දෙයි. සිරි දළදා පෙරහර, මහනුවර පෙරහර, නුවර පෙරහර , සෙංකඩගල පෙරහර, කන්ද උඩරට පෙරහර හා ඇසළ පෙරහර යනුවෙන් විවිධ නම්වලින් දළදා පෙරහර හැඳින්වේ.
දළදා පෙරහරේ අලි ඇතුන් මෙන් ම කසකරැවන් වැනි ශිල්පීන් වැස්ස සංකේතවත් කරමින් පූජාකර්මවල යෙදෙන බවට මතයක් ඇත. දළදා පෙරහර පැමිණීමට පෙර කසකරැවෝ ගමන් කරති. එලෙස කසකරැවන් වාතලය කම්පනයට පත් කර කස ගසන්නේ වැස්සට පෙර විදුලි කෙටීම සංකේතවත් කරමිනි. එලෙස විදුලි කෙටීම චටස් පටාස් ගා ඇසෙනවාත් සමගම විදුලි දලු ලියලමින් වැඩේ. ඒ කටයුත්ත සාම්ප්‍රදායික ගිනි බෝලකරැවන් මගින් තහවුරැ වේ. 
පසුව හේවිසි තාලයට පාද තබමින් පැමිණෙන අලි ඇතුන් යනු විශාල වැහි වලාකුළු බව පිළිගැනේ. වැසි පූජාවක් ලෙස දළදා පෙරහර පැවැත්වීම හෙළ ගොවියාගේ චිරාගත සම්ප්‍රදාය යි. එසේ ම කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වන විට නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිවු මහා දේවාල ඒකාබද්ධ වීමත්
වැස්සට අධිපති ‘ඉන්ද්‍ර දෙවියන්ගේ‘ ආශිර්වාදය පතන පූජාවක් බවට පත් වී ඇත. එහෙයින් ශ්‍රී ලාංකිකයෝ වාර්ෂිකව දළදා හිමියන්ගෙන් ද ඉන්ද්‍ර දෙවියන්ගෙන් ද වැසි පතා දළදා පෙරහර පැවැත්වීමට චිරාගත පිළිවෙත් රුසක් අනුගමනය කිරීමට පුරැදු වී සිටිති. දහවල් පෙරහර අවසානයට දිය කැපීමෙන් පසු පෙරහර නිමාවට පත් වනු ඇත.

නෙත්මි රනීෂා කඩිගාව
8 ශ්‍රේණිය,
මහ/ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර.

දින පොත