Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ශ්‍රී ලංකාව පෙර කල පෘතුගීසි, ලන්දේසි , ඉංග්‍රිසි යන ජාතීන් තුනට ම යටත් ව සිටි රටකි. 
    ප්‍රථමයෙන් ම අපේ රට ආක්‍රමණය කළේ පෘතුගීසීන් ය. ඒ ක්‍රිස්තු වර්ෂ 1505 දී ය. එකල අප රටේ රජවූයේ හයවැනි පරාක්‍රමබාහු රජු ය. පෘතුගීසීන් අතට පත් වූ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාළ විය. මෙයින් සිංහල ජනතාවට පෘතුගීසීන්ගේ විවිධ අඩත්තේට්ටම්වලට මුහුණ දීමට සිදු විය. 
    මෙසේ කාලයකට පසු පෘතුගීසීන් පලවා හැර ලන්දේසීහු අපේ රට ආක්‍රමණය කළහ. ඔවුන්ට වඩාත් අවශ්‍ය වූයේ අපේ රටේ වෙළඳාම් කිරීමට ය. ලන්දේසි පාලනයට  පසුව එනම් ක්‍රිස්තු වර්ෂ 1815 දී අපේ රට  ප්‍රබල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් විය. මෙම පාලන සමය ශ්‍රී ලංකාවේ ජනතාවට දැඩි පීඩත කාලයක් විය. එනම් පෘතුගීසි හා ලන්දේසි යන පාලන සමයන් දෙකට ම වඩා බ්‍රිතාන්‍ය යුගය දරැණු වීම යි.
    බ්‍රිතාන්‍ය පාලන යුගය පැවතියේ 1815 ත් 1948 ත් අතර කාලයේ ය. මේ අතර කාලයේ කිස්තු වර්ෂ 1818 දීත් 1848 දීත් ඉංග්‍රිසි පාලනයට එරෙහිව සිංහල නායකයෝ කැරලි ඇති කළ හ. මේ කැරලි නායකයන් අතර කුඩාපොළ හිමි, වීර කැප්පෙටිපොළ, මඩුගල්ලේ දිසාව, ගලගොඩ අදිකාරම්, පිලිමතලාවේ අදිකාරම්, වීර ගොංගාලේ ගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු ප්‍රධාන වෙති.
එහෙත් 1818 හා 1848 කැරලි දෙක ම අසාර්ථක වූයේ බොහෝ සිංහලයන් දේශද්‍රෝහී ලෙස කටයුතු කිරීම නිසා ය. කෙසේ නමුත් 1948 පෙබරවාරි 4 වැනි දින වසර 443ක් යටත්විජිතයක් ව පැවති ශ්‍රී ලංකාවට  නිදහස හිමි විය. ඩී. එස්. සේනානායක අගමැති ධුරයට පත්ව ශ්‍රී ලංකා ස්වාධිපත්‍ය පනත ඉදිරිපත් කිරීමෙන් පසුව ය. දැන් ශ්‍රී ලංකාවට නිදහස උදා වී වසිර 71 ක් ගතවී අවසන් ය. 

බිහඳු දුල්වන් බණ්ඩාර හේරත්
8 ශ්‍රේණිය,
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.