නිදහසේ පියාඹන්න ආසයි

2024 මැයි මස 18 ප.ව. 09:54 - {{hitsCtrl.values.hits}}  

සුපුන් මගේ පන්තියේ ම ළමයෙක්. එයා මගේ යාළුවෙක් වුණේ මගේ ළඟ ඉන්න නිසායි.  එයාගේ ගෙවල් තිබුණේත් අපේ ගෙවල් ළඟ යි. ඒ වුණාට එයාලාගේ ගෙදර පෙනුණේ නැත්තේ ගෙවල් දෙක අතර මැද කැලෑවක් තිබුණ නිසා ය.  දවසක් මට හිතුණා ඒ කැලෑවට යන්න. අම්මා රෙදි සෝදන කොට මම හොරෙන් හොරෙන් ගියා. මම දං, නාරං,  හිඹුටු, වෙරළු කැඩුවා. එක පාරට ම මම මේ කොහෙද කියලා වටපිට බැලුවා. මට හිතුණා මම තනිවෙලා කියලා. 
මම හයියෙන් ඇඬුවා. එතැනට ලේනෙක් ආවා. මම ඌ පස්සෙන් ගියා. මට හරි පුදුමයි. මම ගෙදර ළඟට ම ඇවිල්ලා. මම ලේනාට ස්තුති කළා. මම ගෙදර ගියා. අම්මා මගෙන් කොහෙද ගියේ කියලා ඇහුවා. සුපුන්ලෑ ගෙදර ළඟ කැලෑවට ගියා මට සමාවෙන්න අම්මේ මම ආයෙත් යන්නෙ නැහැ. මාව අතරමං වුණානේ.මේ ලේනා මා ගෙදර ඇරලුවානේ. මම අම්මාට පොරොන්දු වුණා. ඒ වුණාට මගේ හිතේ සතුට උතුරා ගියා. දුකට පත් අයට අදව් කරන්න ලේනා මට ඉගැන්වූවා. සමනලයකු වගේ තටු ගසමින් පියාඹන්න තිබුණ ආසාව මෙයින් නිමවුණා.

යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය, 
කනන්තොට කනිෂ්ඨ විද්‍යාලය,
මාලබේ. 

දින පොත