Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසරයේ සුන්දරත්වය ස්වභාව සෞන්දර්යයෙන් අපට ලැබුණු දායාදයකි. එබැවින් අපට ලැබෙන්නේ අසීමිත වින්දනයකි. විදේශීය සංචාරකයන් අප රට කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හේතුව ද පරිසරයේ සුන්දරත්වයයි. බර්නාඩ් ෂෝ නමැති ඉංග්‍රීසි කවියා අපේ රට පාරාදීසයක් ලෙස දුටුවේ පරිසරයේ සුන්දරත්වයයි. මලින් පලවලින් තුරැලිය පරිසරයේ සුන්දරත්වය ඇති කරයි. පරිසරයේ ඇති දැඩි රශ්මිය නිවා මද සුළඟ ඇතිකරන්නේ තුරැලියයි.අපේ පවස නිවාලන පිරිසුදු දියබිඳ අපට ලැබෙන්නේ ද තුරැලිය මගිනි. පරිසරයේ සුන්දරත්වය ඇති කරන කුරැලු සම්පත ද හැදී වැඩෙන්නේ තුරැලිය ඇසුරේය. අප විසින් පරිසරයට එක්කරන පොලිතීන්, ප්ලාස්ටික්, ආදිය නිසා පරිසරයේ සුන්දරත්වය කෙලෙසී යයි. පරිසරයට අලංකාරය ගෙන දෙන මුවන්, හාවන් ආදි සතුන් පොලිතීන් ආහාරයට ගෙන මරණයට පත් වූ අවස්ථා අපට අසන්නට ලැබේ. වගාවන් කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමට කෘමිනාශක යොදනු ලැබේ. ඒදේම කෘමිනාශක යොදා එම හිස් බෝතල් ගංගාවලට, පාරවල්වලට දැමීමෙන් මිනිසුන්ට ලෙඩරෝග වැලඳෙයි. පරිසර සුන්දරත්වය විනාශ කරන ක්‍රියාමාර්ග වලින් වැළකීමට අප උත්සාහ කළ යුතුය. එබැවින් අප පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් දැමීමෙන් වැළකී සිටියොත් ලෙඩ රෝගවලින් හා පරිසරය අපවිත්‍ර වීමෙන් වැළකීමට හැකිවේ.

ජේ.කේ.කෞමදි ප්ලාවියා
9 වැනි ශ්‍රේණිය,
මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.