Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසරය දූෂණය වන ආකාර හතරක් ඇත.එනම් ශබ්ද දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ භූමිය හෙවත් පස දූෂණය යන්නයි. පරිසරය දූෂණයවීමෙන් මිනිස් වර්ගයාට සහ සත්ත්ව වර්ගයාට මිහිමත ජීවත් වීමේ දි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. 
ශබ්ද දූෂණය යනු කනට දැරිය නොහැකි තරම් ශබ්දය ඉක්මවා යාමයි. ශබ්ද ඇති වන්නේ මහා පරිමාණ කර්මාන්තශාලා සහ වාහන යනාදියෙනි. මේ හේතුවෙන් මිනිසාට එදානෙදා කරන කටයුතු කිරීමට අපහසු වේ.   
ජල දූෂණය යනු මිනිසාට සහ සත්ත්වයාට පරිහරණය කළ නොහැකි තරමට පත් වීමය. මිනිසා සිදු කරන කටයුතු හේතුවෙන් මෙම ජලදූෂණය සිදු වී ඇත. මිනිසා විසින් කෘෂි රසායන ද්‍රව්‍ය, ඉවතලන ද්‍රව්‍ය වැනි දෑ ජල මාර්ගවලට දමයි. මේ නිසා මිනිසා රෝගී වී විවිධ දුක් පීඩා විඳී. 
වායු දූෂණය යනු වටපිටාවේ ඇතිවායු ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වීමයි. මේ වනවිට මිනිසාට අවශ්‍ය ඔක්සිජන් වායුවද ක්‍රමයෙන් අඩු වී ඇත.මේ හේතුවෙන් මිනිසාට විෂ වායු ආඝ්‍රාණය කිරීම සිදුවනු ඇත. 
පස දූෂණය යනු පසේ ඇති සරැ බව ක්‍රමයෙන් අඩු වී යයි.මේ හේතුවෙන් මිනිසාට ගසක්වත් වවා ගැනීමට අවශ්‍ය සරැ පස නැති වී යයි. මිනිසා විසින් ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය පරිසරයට දැමීම හේතුවෙන් පස දූෂණය වේ.
මිනිසාට පරිසරයේ ජිවත්වීමට නොහැකි තත්ත්වයකට පත් නොකරගෙන අපි පරිසරය ආදරයෙන් රුකවරණය සලස්වා ආරක්ෂා කරගනිමු.

තරිඳු දමිත් සම්පත්
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තු දේව බාලක විද්‍යාලය,
බද්දේගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.