පරිසරය සුරකිමු
- 2019-03-08 10:19:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ පරිසරය රුකගත යුත්තේ අප විසින් මය. මෙම කියමන සැබෑවක් ය. මිනිසාට පරිසරය රුකගැනීම කළ හැකි ය.
වර්තමානය වන විට පරිසරය හෙවත් සොබාදහම විනාශ වෙමින් පවතී. ඒ කෙසේ ද යත් මිනිසුන් පරිසරයේ අගය නොදන්නා තරම් ය. දැනගත්ත ද වර්තමාන ජනයා කම්මැළි වී ඇත. අද වන විට සියලු දේ කෘත්‍රිම වීම ඊට එක් හේතුවකි. තවත් හේතුවක් නම් අතීත ජන සමාජය තුළ නොතිබූ කාර්යබහුලතාව වර්තමාන ජන සමාජයට එක්වීමයි.
කෙසේ නමුත් පරිසරයේ අගය ගැන කතා කරන විට ශාක, ජලය, වන ජීවීන්, වාතය සියලු දේ අයත් ය. මෙම අංග නොමැතිව ජීවත් වන ජිවියකු සිටී නම් එය මහත් පුදුමයට මෙන්ම කුතුහයට ද කාරණයකි.
මෙතරම් වටිනාකමකින් යුතු පරිසරය රුකගත යුත්තේ අප විසින්ම නොවේ ද? පරිසරයට තම පණ මෙන් ආදරය කළ පුද්ගලයෝ අතීතයේ සිටියහ. සියැටල් යනු එවන් පුද්ගලයෙකි.
ලෝකයේ වැඩියෙන්ම තම පරිසරයට ආදරය කළේ ආගමික ශාස්තෘවරැන් ය. ඒ අතර බුදුන් වහන්සේ විශේෂ වේ. ඒ කෙසේ ද යත් උන්වහන්සේගේ ඉපදීම , බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමගුල ම සිදු වූයේ ශෘක ආශ්‍රිතව ය.
ඉතින් අපි එකතු වෙමු. සියැටල් වැනි මිනිසුන් නැවත බිහි කරමු. හැකි සැම තැනම ගස් වවමු. අනාගතයේ ඇති විය හැකි ලෝක ජල අර්බුදය නවතාලමු. වන ජිවීන් රුකගනිමු. ඔක්සිජන් වායුව රුක ගනිමු. එන්න අපට පුළුවන් එය කරන්න. ‘අපි අපේ පරිසරය රුකගනිමු.‘
බිහඳු දුල්වන් බණ්ඩාර හේරත්
7 ශ්‍රේණිය.
බණ්ඩාරනායක විද්‍යාලය,
ගම්පහ.
Reply To:
Name - Reply Comment
0 Comments