Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසරය

  • 2020-02-28 10:05:41
  • 0 Comments

    අප පරිසරයට ආදරය කළ යුත්තේ අලුත උපන් දරැවා අම්මාගේ හද ගැස්මට ආදරය කරන්නා සේ ය. එසේ ප්‍රකාශ කළ රතු ඉන්දියානු නායක සියැටල් පරිසරයට ආදරය කළ උතුම් මිනිසෙකි. අප මෙලොව එළිය දුටු දිනයේ සිට මිය යන තුරැම ජිවත්වන අප අවට වටපිටාව පරිසරය යි. ගස්වැල්, ඇළ දොළ, ගංගා, කඳු හෙල්, සතුන් ආදි සියලු දේ පරිසරයට අයත් වේ.
    මිනිසාට හුස්ම ගැනීමට අවශ්‍ය පිරිසුදු ඔක්සිජන වායුව ලැබෙන්නේ පරිසරයෙනි. එසේම එදිනෙදා කටයුතු කර ගැනීමට අවශය වාතාශ්‍රය, ආහාර, ජලය ආදිය පරිසරයෙන් අපට ලැබේ. දිනපතාම අප කරා එන හිරැ කිරණ සියලු විෂබීජ විනාශ කරමින් ලෙඩ රෝගවලින් අප බේරාගනී. 
    එහෙත් කලගුණ නොදත් මිනිසා පරිසරය සිතූ සිතූ සේ විනාශ කරයි. කර්මාන්තශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය ජලයට මුදා හරිමින් ද, කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශවලට දැමීමෙන් ද ජලය දූෂණය වේ.  ගස්වැල් කපා දැමීමෙන් ද කැලය එළිපෙහෙළි කිරීමෙන් ද ගොඩනැගිලි හා ගම්මාන ඉදිකිරීම නිසා ද පිරිසුදු වාතය හා පරිසරයේ සුන්දරත්වය විනාශ වේ.එසේම වාහනවලින් පිටවන කළු දුම් කාර්මාන්තශාලාවලින් පිටවන දුම් හා  යුද අවි අත්හදා බැලීමෙන් ද පිරිසුදු වායුගෝලය අපිරිසුදු වී ගොස් ඇත. වායුගෝලයේ උණුසුම වැඩිවිමෙන් නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ලැබෙමින් පවතී.
    අපේ ජීවිතය රුකදෙන පරිසරය විනාශ නොකර රුකගත යුතු ය. ගංගා, ඇළදොළ, ගස්වැල් රුක ගත යුතුය. අපි අපේ උපන්දිනයට පැළයක් සිටුවා ලොවට ආදර්ශයක් ලබාදෙමු.අද ගැන නොසිතා හෙට දිනය ගැන සිතා අපි පරිසරයට ආදරය කරමු. පරිසරය රුක ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරමු. 

මනුග ගුණසේකර
8 ශ්‍රේණිය,
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය,
මීගමුව.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.