Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසර දූෂණය

  • 2019-03-12 17:10:02
  • 0 Comments

පරිසර දූෂණය යනු අප ජීවත් වන වටපිටාව මිනිසාගේ මෙන්ම සත්ත්වයාගේ වාසයට නුසුදුසු තත්ත්වයට පත්වීමයි. පරිසරය දූෂණය වීමෙන් මිනිසාට විවිධ සෞඛ්‍ය  ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. පරිසරයේ දූෂණයට ලක්වන අංග කිහිපයකි. ඒවා නම් වායු දූෂණය ජල දූෂණය භූමිය හෙවත් පස දූෂණය ශබ්ද දූෂණය වේ. පරිසරය දූෂණය වීමට ප්‍රධාන හේතුව වන්නේ කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම වේ .ඊට අමතරව අප විසින් පරිසරයට මුදා හරින පොලිතින් ප්ලාස්ටික් ආදිය නිසා ද පරිසර දූෂණය සිදු වේ.වායු  දූෂණය යනු අහිතකර සහ විෂ සහිත සංඝටකවලින් වායුගෝලයේ සංයුතිය වෙනස් වීමයි. වායු දූෂණය නිසා ලෙඩ රෝග ඇතිවේ. ජල දූෂණය යනු විෂ සහිත හෝ හානිකර ද්‍රව්‍ය එක් වීමෙන් භාවිතයට ගත නොහැකි ලෙස ජලයේ සාමාන්‍ය ස්වභාවය වෙනස් වීමයි. එමගින් ද ලෙඩ රෝග ඇති වේ. භූමි දූෂණය යනු භූමියේ ස්වාභාවික තත්ත්වය වෙනස් වී භූමිය පරිහරණයට ගැනීමට නොහැකි අන්දමට වෙනස් වීමයි. භූමි දූෂණය නිසා පසේ සාරවත් බව අඩුවිම හා නායයාම වැනි ආපදා තත්ත්ව ඇති වේ. ශබ්ද දූෂණය යනු මිනිසාගේකනට දැරිය නොහැකි තීව්‍රතාවකින් යුක්ත ශබ්ද නිකුත් වීමයි. එමගින් පරිසරයේ නිසංසල බව නැති වී යයි.
පරිසරය දූෂණය වන්නේ වනාන්තර විනාශ කිරීම එදිනෙදා කුණුකසළ අක්‍රමවත් ලෙස බැහැර කිරීම අක්‍රමවත් ඉදි කිරීම් සිදු කිරීම ගල් අඟුරැ ඉන්ධන ප්ලාස්ටික් ආදිය දහනය කිරීම රසායනික පොහොර අවිධිමත් ලෙස භාවිත කිරීම ආදිය නිසාය. පරිසර දූෂණය වැළැක්වීම වන වගාව ආරක්ෂා කිරීම, කසළ නිසිලෙස බැහැර කිරීම, නිසි ප්‍රමිතියක් සහිතව ඉදිකිරීම් සිදු කිරීම ආදිය අනුගමනය කළ හැකි ය.

ජේ.කේ. කෞමදී
9 ශ්‍රේණිය,
මාර/මොරවක කිර්ති අබේවික්‍රම ජාතික පාසල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.