Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිසර නියමුවා යනු පරිසරයට ආදරය කරන කෙනෙකි. ඔහු පරිසරයේ වටිනාම අංගයක් වෙයි. පරිසරය හා පරිසර නියමුවා අතර බැඳීම ගසට පොත්ත මෙන් විය යුතු ය. දැඩි ලෙස පරිසරය විනාශ කරන වර්තමානයේ පරිසර නියමුවාගේ දෙවුර මතට පැටවී ඇත්තේ විශාල වගකිමකි.

පරිසර නියමුවා සරල ජීවන පැවැත්මක් තබා ගත යුතු ය. පරිසරයට ආදරය කරන්නකු ලෙස පොලිතීන් ප්ලාස්ටික් භාවිතය අවම කළ යුතු ය. පරිසරය කෙරෙහි මවක් දරුවකුට දක්වන්නා සේ ආදරය කිරීම කළ යුතු ය. පරිසර නියමුවා ගස්වැල්වල මිතුරෙක් විය යුතු යැයි පැවසේ. අධ්‍යාත්මික හා ප්‍රායෝගිකව ද පරිසර පවිත්‍රතාව අගය කළ යුතු ය. එනම් සැම විටම පරිසරිය පවිත්‍රව තබා ගැනීමට යොමුවීම මෙන් ම අන් අය ද යොමු කිරීම ද කළ යුතු ය.

හැකි සැම විටම කසල පරිසරයට බැහැර කිරීම අවම කළ යුතු ය. පරිසරය සුරැකීම තම ජීවිත අරමුදල කර ගත යුතු ය. පරිසරය සුරැකීමේදී එන බාධා මැඩලීමට තරම් පරිසර නියමුවා ශක්තිමත් විය යුතු ය. ශාක, සත්ත්ව ආදි සියල්ල කෙරෙහි ආදරයෙන් ක්රුණාවෙන් දයාවෙන් කටයුතු කළ යුතු ය. පරිසර සංරක්ෂණය සඳහා දායක වීම අවශ්‍ය ය. සැම විටම වගකීමෙන් පරිසරය ආරක්ෂාවට බැඳී සිටිය යුතු ය. මම ද අභිමානවත් පරිසර නියමුවෙක් වෙමි. පරිසරය කෙරෙහි මගේ වගකීම ඉටු කිරීම මගේ එක ම ප්‍රාර්ථනය යි.


 

විනුජි කුරුකුලසූරිය,

7 ශ්‍රේණිය,

මාර/සුජාතා විද්‍යාලය,

මාතර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.