පාරිසරික තුලිතතාව
- 2020-03-13 10:49:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාරිසරික තුලිතතාව යනු අධි තාක්ෂණික යුගයක සැමතැනම ජනප්‍රිය මාතෘකාවකි. ඊට හේතුව නම් ලෝකයේ සියලු පරිසර තත්ත්වයන් මේ වනවිට දූෂණය වෙමින් පැවතීමයි. ලෝක පාරිසරික තුලිතතාව බිඳවැටීමේ මෑතකාලීන සිදුවීම් රාශියකි. උදාරහණ ලෙස මහා බාධක කොරල්පරය මියයාම, ඇමර්සන් වැසි වනාන්තරය ගිනි ගැනීම, ඕක්ජොකුල් ග්ලැසියරය දියවීම ආදියයි.
මේ වන විට ග්ලැසියර දියවී යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය අධික වීමයි. ග්ලැසියර දියවීම මගින් මුහුදේ ජල මට්ටම ඉහළ නැගීම හා ප්‍රමාණයෙන් කුඩා දූපත් හා වෙරළබඩ ප්‍රදේශ යටවීමක් සිදු වේ. මේ සියල්ල සිදුවීමට ප්‍රධාන හේතුව නම් මිනිසාගේ සම්පත් අධිපරිභෝජනයයි. නූතන සමාජය අතීතයේ වැසියන් මෙන් තිරසර සංවර්ධනයට යොමු වීම මගින් අපගේ ද අවශ්‍යතා ඉටු කර ගනිමින් අනාගත පරපුරට ද ස්වකීය අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකියාව ලැබේ.
පරිසර තුලිතතාව වෙනුවෙන් අරගල කළ පුද්ගලයන් අතර රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශය ප්‍රධාන වේ. ඔහු පවසා ඇති පරිදි,
‘‘සියලුම වෘක්ෂලතාවන් කපා දැමූ පසු, සියලුම ගංගා සිඳී ගිය පසු, අන්තිම මාළුවා ද අල්ලාගත් පසු මිනිසා තේරැම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව‘‘මෙමගින් පරිසර ආචාරධර්ම ආරක්ෂා කිරීම පිළිබඳ මනාව දක්වා ඇත.
රනුශ් රශ්මික
9 ශ්‍රේණිය,
කරැණාරත්න බෞද්ධ මහා විද්‍යාලය, මත්තුමගල.
Reply To:
Name - Reply Comment
0 Comments