පියකරු උදෑසන
- 2019-06-07 09:47:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්මානය වටා ප්‍රාකාරයක් මෙන් බැඳුණු කඳුවැටියේ හැංගී සිටි හිරැ එළියට එබී බලන්නේ හිරැ රුස් පොළොව සිඹිනවාට අකමැත්තක් නැතුවා සේ ය. අපගේ සෞභාග්‍යවත් වී කරල්වල හිමිකරැවාගේ උරමත වැටෙන උදැල්ල මේ මොහොතේ කා හටවත් නැවැත්වීමට නම් නොහැකි ය. ලියදිවල පිපාසය නිවා දමන්නට වක්කඩින් නොකඩවා ජලය දමයි. ඒත් මේ ජලය උදෑසන ම කුඹුරට පියමනින ගොවි පතුල් සිඹ ගන්නට අමතක නොකරයි.
උදෑසන ම ගුරැ ගෙදරට යන ළමයින් දැකීමෙන් කිරි කොක්කු රුවටෙති. තමාගේ සුවඳ නැති වී යා දෝ යන බියට කඩුපුල්, ඇට්ටේරියා වැනි මල් මුකුලිත වන්නේ කාටත් රහසේ ය. ඔවුන් මෙන් අහංකාර නැති අනෙකුත් මල් පිබිදී ළමයින්ගේ මුහුණුවල සිනහ කැන් ඉතිර වීමට සමත් වෙයි.
ඉඳුමිණි උපේක්ෂා සේනාධීර
8 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments