පියකරු උදෑසන
- 2019-10-01 09:42:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කෙමෙන් කෙමෙන් කන්ද උඩින් ලෝකය දෙස එබී බලයි. ආඩම්බර පුෂ්පයන් නැවත පිබිදි ලෝකය ම අලංකාර සහ සුගන්ධවත් කරයි. සියොතුන්ගේ කිචි බිචි නාදය පරිසරය පුරා රුව් පිළිරැව් දෙයි. හිරැ රුස් අතරින් සුදු කොකුන් රූනක් මෙන් ළමෝ පාසල් යති. ගස් කොළන් හිරැ රුසින් දිලෙයි. මද පවන් ගතට සනීපයක් ගෙන දෙයි. සමනල යහළුවෝ මල්වල වසමින් නිදැල්ලේ පියාඹයි.මද පවන ගස් කොළන් සිපගනියි. මිනිස්සු තම තමන්ගේ වැඩපල කිරීම සඳහා නිවෙස්වලින් පිටත් වෙති. ගොවියෝ උදලු කොටන් කර තබාගෙන කෙත්වල වැඩට යති. ගෘහණියෝ තම නිවෙස් හා ගෙමිදුල අස්පස් කරමින් දවස ආරම්භ කරති. මෙසේ පියකරැ උදෑසනකින් දවස ආරම්භ වේ.
තේනු හේරත්
6 ශ්‍රේණිය,
මප/වත්/ කෙන්ගල්ල නවෝද්‍යා මහා විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments