පුංචි ගැහැනු ළමයා
- 2019-09-17 16:04:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔන්න එකමත් එක ගමක හිටියා දුප්පත් පවුලක්. එහි පුංචි ගැහැනු ළමයෙක් ද සිටියා. ඇයගේ නම ලොසෙන්දරා ය. ලොසෙන්දරා හරි ම ලස්සන යි. ඒකනිසා ම වෙනත් ගැහැනු ළමයින් එයාට ඊර්ෂ්‍යා කළා. ටික දවසක් ගත වුණා. මැලේරියා රෝගය ගමේ වසංගතයක් මෙන් පැතිර ගියා. මේ මැලේරියා රෝගය ලොසෙන්දරාට ද බෝවුණා. අම්මායි තාත්තායි ඇයව රෝහලට ගෙන ගියා.
ලොසෙන්දරාව ඉක්මනට දැඩි සත්කාර ඒකකයට ගෙන ගියා. ඇගේ ඇඟේ ලේ එන්න එන්න ම අඩු වුණා. අම්මයි තාත්තයි හොඳට ම බය වුණා. ලොසෙන්දරාට හුඟාක් අමාරැ නිසා එයාව නගරයේ රෝහලකට ගෙන යන්න සිදුවුණා. ඒකට අම්මායි තාත්තායි ගමේ අයට ණය වුණා. ඒ වුණාට ලොසෙන්දරාට සනීප වුණා.
ලොසෙන්දරා ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳට ම සමත් වුණා. එයා හොඳින් ඉගෙන ගෙන උසස් පෙළත් හොඳට ම සමත් වෙලා සත්ත්ව විද්‍යාඥවරියක් වුණා. ඊට පස්සේ ණය සේරම ගෙවලා දැම්මා. අම්මාත් තාත්තාත් එක්ක සතුටින් ජීවත් වුණා.
නිපුණි අනුත්තරා
6 ශ්‍රේණිය,
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments