පෙරහරේ අසිරිය
- 2019-01-18 14:35:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදා අපේ ගමේ පන්සලේ පෙරහර පැවති දවසයි. හැන්දෑ වන තුරැම මා සිටියේ නොඉවසිල්ලෙනි. ඉන්පසු රූ වුණි. ඒ සමගම වෙඩි හඬක් ඇසුණි. අමුතු ශබ්දයක් නංවාලමින් කසකාරයන් මුලින්ම එනු ඈතින් පෙනෙන්නට විය. අපි සියලු දෙනාම ඈතට නෙත් යොමු කරමින් පාර දිහාම බලා සිටින්නට වීමු. කස ගසමින් පැමිණෙන කසකරැවන් ද, ගිනිබෝල කරකවන්නන් ද මුලින්ම දක්නට ලැබිණි. ඔවුන් පිටුපසින් ගමන් කළේ මොනර නැටුමයි. ඉන්පසු ගමන් කළේ බොරැ කකුල්කරැවන්ය. ඉතා අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු මහ බඹාලා දුටුවේය. එහා මෙහා පැද්දෙමින් මහ බඹාලා තාලයට නැටූහ. ඒ සමගම අලංකාර විවිධ පැහැයේ ඇඳුම්වලින් සැරසුණු අලි ඇතුන් ද, නිලමේවරැන් ද දැකගත හැකි විය. විදුලි බුබුළුවලින් සරසන ලද ඇතුන්ගේ රැව දෙගුණ තෙගුණ වී ඇත්තේ පරිසරය අඳුරැ වී ඇති බැවින් යයි මට සිතේ. පෙරහර බොහෝ දිගු නොවූවත් ලස්සනින් නම් කිසිඳු අඩුවක් නැතැයි මට සිතේ.
ඩී.එම්.දුලානි දිල්රැක්ෂි
6 වැනි ශ්‍රේණිය,
බ/දියතලාව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments