පොතපත කියවීම දියුණු කරමු
- 2019-07-31 13:54:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි‘ යනපිරැළ ලොකු කුඩා කවුරැන් අතරත් බෙහෙවින් ජනප්‍රිය ගැඹුරැ අරැතක් ගෙන දෙන කියමනකි. මෙහි අරැත හොඳින් තේරැම් ගත යුතු ය. කියවීම යනු යමක් පිළිබඳ නිවැරදි අවබෝධයත්, දැනුමත්, වර්ධනය කර ගැනීමටත්, නිවැරදිව ක්‍රියාවට නැගීමටත් පහසු වන ආකාරයේ නිරවුල් කියවීම හා ප්‍රායෝගිකත්වය සඳහා යොදා ගැනීම යි. පොත්පත් කියවීමෙන් නිර්මාණශීලී තැනැත්තකු, දැනුමැති, බුද්ධිමත් පුරවැසියන් අප රට තුළ බිහි වේ.
‘මිනිසා සිටින්නේ ශාස්ත්‍ර නම් තටාකයේ ගිලී මියෙන්නට නොව ශාස්ත්‍ර නම් සයුරේ කිමිදී මුතු ගෙන ඒමට ය.‘ යන මහත්මා ගාන්ධි තුමාගේ කියමන් ද මෙහිදී සිහිපත් කරමි. එසේ ම දියුණුවන ලෝකය සමග ජීවත්වීමට නම් කියවීම හා ශාස්ත්‍රය අත්‍යවශ්‍ය බව කිව යුතු ය.
කුඩා විය සිට මහලු විය දක්වා ඉතා ආශාවෙන් යුතුව වර්ධනය කර ගත හැකි විනෝදාංශයක් වශයෙන් කියවීම හැඳින්විය හැකි ය. පොත පත කියවීමෙන් පැහැදිලි අරමුණක් සඳහා මාවතක් විවර කර ගත හැකි ය. වර්තමානයේ සමාජගතව පවත්නා බොහෝ අපචාර මර්දනය සඳහා කියවීම අවියක් කර ගත හැකි ය.
සොර සතුරකුට වුවත් සොරකම් කළ නොහැකි එක ම වස්තුව වන්නේ දැනුම යි. එම නිසා කියවීම කුඩා කල සිට හුරැපුරැදු විය යුතු ක්‍රියාදාමයකි. කියවීම සඳහා පුස්තකාල සේවා, ජංගම පුස්තකාල සේවා වර්තමානයේ සිදු වෙමින් පැවතීම පැසසිය යුතු ය.
දැනුමින් කුසලතාවෙන් පිරිපුන් රසඥතාව වර්ධනය වූ යහපත් සමාජයක් ගොඩනංවා ගැනීමට කියවීම ඉවහල්වන බව ද ප්‍රකාශ කරන අතර කියවීමේ වර්ධනය වඩාත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
ප්‍රබෝධා සත්සරණි
9 ශ්‍රේණිය,
මාර/කිරිලිපන කනිෂ්ඨ විද්‍යාලය,
මොරගල, කිරිලපන.
Reply To:
Name - Reply Comment
0 Comments