පොලිතින් මාරයා තුරන් කරමු
- 2018-09-18 11:45:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජන සමාජයේ මිනිසුන් නොදැනුවත් ව දිගු කාලයකින් වත් දිරා නොයන දිරා යාමට වසර 200ක් වත් ගත වන පොලිතින් භාවිතය අපට සුදුසු ද. මේ නිසා සිදුවන ප්‍රධාන අලාභය නම් පරිසරය දූෂණය වීමයි. මිනිසා පොලිතින් භාවිතයට කොතරම් පුරැදු වී සිටිනවාද කියනවානම් පොලිතින් භාවිතය අවම කිරීමවත් කළ නොහැකි වේ.පොලිතින් සොයාගැනීමේ ගමන් මාර්ගයේ විවිධ දෑ නිපදවිනි. ඒ අතරට ප්ලාස්ටික්, පෝලිස්ක්ලිනින් ෙපාලිස්ටයිරින්, පොලියෙස්ටර්, නයිලෝන් ආදිය දැක ගත හැකිවේ. මෙම සොයාගැනීම ගැන කියවෙද්දී ලියෝ හෙන්ඩ්‍රික් බේක්ලන්ඩ් ඉටු කරන ලද මෙහෙය ද සිහිපත් ක ළ යුතු වේ. සැහැල්ලු බව, නිපදවිමේ පහසුව නිසා පොලිතින් හා ප්ලාස්ටික් ප්‍රචලිත වේ. සියයට 80ක්ම පොලිතින් දූෂණය මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වේ.
ඉවත දමන පොලිතින්වලින් 75%ක්ම සාගරය පතුලට කිඳා බසින නිසා කිසිදාක සාගරයෙන් පොලිතින් ඉවත් නොවේ. මිනිසාට අතිවිශාල හානියක් කරමින් පොලිතින් සැමදාටම රුඳී පවතී. පොලිතින්වලින් සිදුවන හානි අතර භූමිය, පාංශු ජීවීන් විනාශ වීම, ජලයේ ගුණාත්මක බව අඩුවීම. වැනි අලාභ සිදුවේ. එම නිසා පොලිතින් භාවිතය අවම කර ඒ වෙනුවට ඉක්මනින් දිරාපත් වන කඩදාසි හෝ පන්වලින් සැදුණු මලු භාවිත කිරීමට පුරැදු විය යුතු ය.
සෙනුරි නෙත්මිණි හෙට්ටිආරච්චි
8 ශ්‍රේණිය, ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments