මගේ ගම
- 2019-01-08 17:12:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුන්දර කඳු පන්තීන්ගෙන් වට වූ බැලූ බැලූ හැමත හරිත වර්ණයෙන් බබළන තුරැලතාවනගෙන්
පොහොසත් මගේ ගම සොබාදහමේ අපූරැ දායාදයකි. ගංගා ඇළදොළ වනසතුන් මෙන්ම මනරම් කෙත්වතුවලින් ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කර පෙන්නුම් කරයි. ගස්වැල් සිප එන සීතල මද පවන ගතට මෙන්ම සිතට ද සිසිලක් ගෙන ඒමට සමත් ය.
උදෑසන ගස්වැල් සතුටින් ගීත ගයා නටන්නේ සුන්දර දවසක් නිසා ය. ගම වටේට ඇති කඳු යාය ගම ආරක්ෂා කරන යෝධයන් වැනි ය. ගංගා ඇළ දොළවලින් පරිපූර්ණ මගේ ගම වෙනත් ගම්වලට පරාද කළ නොහැකි ය. වනාන්තරයෙන් එළියට පැමිණෙන මොනරැන් පිල් විදහා නටන්නට වුහ.
ගඟට වැවි තිබෙන ගස් මසුන් බාන මහල්ලන් වැනිය. නවතා තිබෙන ඔරැ පාරැ දිස්වූයේ ගඟ වටා සංචාරයේ යෙදුණු සංචාරකයන් විවේකයෙන් සිටින්නාක් මෙනි. මගේ ගමේ සිටින මිනිස්සු සුහදව සිටිති.මගේ ගම තව තවත් දියුණු වේවායි මම පතමි.
රශිනි සමුදිතා
8 ශ්‍රේණිය,
ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments