මගේ පුංචි රට
- 2020-01-24 14:44:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ රට ඉන්දියන් සාගරයෙන් වට වූ පුංචි දූපතකි. ලෝක සිතියමේ පුංචි තිතක් සේ දිස්වුණත් මුළු ලෝකයාගේ ම ගෞරවයට අවධානයට ලක් වූ රටකි. මගේ රටේ ඇති වටිනාකම නිසා ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය යන නොයෙකුත් විරැදාවලින් ද ලැබී ඇත.
මාගේ මේ පුංචි දිවයින වටා ඇති සාගරය සිපගෙන හමන සීතල සුළං රුලි මුළු පරිසරයට ම ගෙන දෙන්නේ සිසිලසකි. මිහිරියාවකි. ගතට සිතට ප්‍රබෝධයකි.රට මැද රමණීය දිය දහරාවෝ ස්වභාව සෞන්දර්යයේ අසිරිය කියාපාති.
කඳුහෙල් තැනිතලාවලින් හෙබි ලස්සන සරැසාර පොළොවකට හිමිකම් කියන මේ පුංචි දිවයින කෘෂිකාර්මික රටකි. අපේ මුතුන්මිත්තන්ගේ දස්කම් කියාපානා මහ වැව්, මහ දැගැබ්, සමාධි පිළිමය වැනි ශ්‍රේෂ්ඨ කලාකෘති අපේ රටට ආඩම්බරයකි.
විදේශිකයනගේ ආදර ගෞරවයට පාත්‍ර වී ඇති මගේ මේ පුංචි දිවයිනේ සිරි නැරඹීමට දහස් ගණන් සංචාරකයෝ අපේ රටට ඇදී එති.
සොබාදහමේ දායාදයක් වශයෙන් ලැබී ඇති මේ රත්තරන් දිවයිනට සාමය,සතුට, සෞභාග්‍ය සපිරි අනාගතයක් උදාවේවායි යනු මාගේ එක ම පැතුම යි.
ගයනි චමල්ෂා
9 ශ්‍රේණිය,
බ/ඌව විද්‍යා විද්‍යාලය,
හාලිඇළ.
Reply To:
Name - Reply Comment
0 Comments