මගේ මවුබිම
- 2018-08-08 14:46:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ මවුබිම ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයෙන් වට වී ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරැදාවලිය ලැබු මගේ රට සුන්දර කුඩා දිවයිනකි. ගංගා, දිය ඇලි, කඳුවැටි, වනාන්තර, පූජනීය ස්ථාන මගේ රටේ සුන්දරත්වය තව තව වැඩි කරයි.
තේ, රබර්, පොල් ප්‍රධාන අපනයන බෝග කරගත් මගේ රට මැණික්වලට ඉතා ප්‍රසිද්ධ ය. අනුරාධපුරය,පොලොන්නරැව, සීගිරිය,ශ්‍රී පාදස්ථානය, ආදි ඓතිහාසික ස්ථාන මගේ රටේ වටිනාකම තව තවත් වැඩි කරයි. අලංකාර කෙත්වතුවලින් මගේ රට අහරින් ස්වයංපෝෂිත කරයි. කඳු මුදුන්වලින් කඩා හැලෙනා මහවැලි ගංගා කොමළිය මගේ රට ඉතා අලංකාර කරයි.
එවන් ඓතිහාසික පූජනීය වටිනාකමක් හා නිමකළ නොහැකි සුන්දරත්වයක් ඇති මගේ රට ඉදිරියේ දී තවත් දියුණුවට පත්වේවායි මම පතමි. මම මගේ මවුබිමට සැමදා ආදරය කරමි.
කවිඳ ලක්මිණ විජේසිංහ
8 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments