Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මම අශෝක වෙමි

  • 2018-08-24 17:05:40
  • 0 Comments

මම අධිරජ චන්ද්‍රගුප්ත මෞර්යගේ පුත් අධිරජ බින්දුසාර මෞර්යගේ හා දේවි ධර්මාවන්ගේ පුත්‍ර අශෝක වෙමි. කුඩා කල පටන් මාගේ ඒකායන අධිෂ්ඨානය වූයේ මගේ ගුරැ ආචාර්ය චානක්‍යයන්ගේ අඛණ්ඩ භාරතයේ ස්වප්නය නිර්මාණය කිරීමයි. මා මගේ ජීවිතයේ සෑම දෙයක්ම කැප කළේ මාගේ මාතෘභූමිය උදෙසා ය. මගේ මව ඝාතනය කිරීම නිසා මට මගේ සහෝදරයන් දෙදෙනකු මැරීමට සිදු විය. මන්ද ඇය මගේ දිවියේ ප්‍රමුඛස්ථානය ලබා සිටියා ය.
පියාගේ අභාවයෙන් පසු මම මගධයේ රජ වී සියලුම රාජ්‍යයන් එක්කොට ගැනීම සඳහා ආක්‍රමණ එල්ල කළෙමි. එලෙස මා චණ්ඩාශෝක වීම හේතුවෙන් මිනිස් ජීවිතවිශාල ප්‍රමාණයක් නිකරැණේ විනාශ විය. මෙලෙස රාජ්‍ය කිරීමෙන් කලකිරී සිටි මා දිනක් රාජ සභාවේ සිටින විට දුටුවේ සන්සුන් ගමනින් වැඩම කරන හිමි නමකි. උන් වහන්සේගෙන් බණ අසා  පැහැදුණ මම එතැන් සිට දිග් විජය ප්‍රතිපත්තිය වෙනුවට ධර්මවිජය ප්‍රතිපත්තිය ආරම්භ කළෙමි. 
 මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි තෙවැනි ධර්ම සංගායනාව පවත්වා රටවල් නවයකට ධර්ම දූත සේවය ව්‍යාප්ත කළෙමි. බුදු රජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මයට සමාන වන ලෙස අසූහාරදහසක් වෙහෙර විහාර ඉදි කළෙමි. බුදු දහමේ උදාර ප්‍රත්‍ය දායකයකු පමණක් නොව දායකයකු වීම උදෙසා තිබෙන මගේ රැචිකත්වය අවබෝධ කරගත් මගේ දියණිය සංඝමිත්තා හා පුතු මහින්ද ද පැවිදි වූහ. අවසානයේ මගේ එකම ප්‍රාර්ථනය වූයේ නිර්මල සද්ධර්මය චිරාත් කාලයක් බැබළේවා යන්නයි.  

දෙවාන් ප්‍රතිභාන
6 ශ්‍රේණිය්‍ය,
මිනු/ මාරතෙල මහා විද්‍යාලය,
නයිවල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.