මහවැලි නදිය
- 2020-07-03 11:07:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම සොබාදහම් මෑණියන් විසින් මිනිසාට දායාද කර දුන් මහඟු සම්පතක් වෙමි. මධ්‍ය කඳුකරයේබුදු පා පහස ලැබූ අති සුන්දර සමනල කඳුවැටියෙන් මගේ ගමන ආරම්භ වේ. අතු ගංගා රාශියකින් පෝෂණය වන මම වරෙක ලැසි ගමනක ද තවත් වරෙක වේගවත් ගමනක ද යෙදෙමින් ගම්දනව් සිසාරා සැරිසරමි.
කවුරැත් දන්නා හඳුනන කාටත් උදවු කරන මා කාගේත් හිතවතෙකි. රට සරැ කරමින් මුළු රටට ම ජලය බෙදා දෙන මම කෙත්වතු සරැ කරමින් රට ස්වයංපෝෂිත කරමි. කර්මාන්තශාලාවලට ද උදව් දෙන මම රටේ ආර්ථික දියුණුවට සහාය දෙමි.
මිනිසාට පමණක් නොව සතුන්ට ද ගස්වැල්වලට ද මම විශාල සේවයක් කරමි. මා පිටාර ගැලුවොත් මගෙන් උදව් ලබන අයට විනාශයක් ද වනු ඇත. කඳුකර රුජින යනුවෙන් ද සමහරැ මා හඳුන්වති. සිසිල් දිය දහරින් ඔබ ප්‍රබෝධවත් කරන මම මෙතෙක් වේලා ඔබ ඇමතූ මහවැලි නදිය වෙමි.
ජයාන් චරක
ර/ශාන්ත ඇලෝසියස් ජාතික පාසල,
රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments