මහ වැස්ස
- 2019-12-20 11:33:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසන සිට නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව තුරල් වන බවක් දක්නට නොමැත. සුළඟට ගසා එන හිරිකඩ නිවසේ කවුළුවලින් ගෙතුළට ඇදේ. ගංගා, ඇළ දොළ, වැව් පිටාර මට්ටමට පැමිණ ඇත. නිවෙස්වලට කොටු වූ ගැමියෝ එදා වේල සරි කර ගත නොහැකිව සුසුම් හෙළති. මිදුලේ එකතු වූ මඩකඩිති පෑගෙන විට ඇඟිලි අතරින් චිරිස් ගාමින් මඩ එළියට පනී. ගෙවත්තේ තැන තැන කුඩා වළවල්වල වතුර පිරී ඉතිරී යයි. අපේ වත්තේ කෙසෙල් ගස් කැන් පිටින් බිමට පතිත වී තිබේ. වෙල්යාය ගඟක් මෙන් ඈතට පෙනුණි. එළවළු කොටුවල සරැවට වැවී තිබූ එළවළු අද දක්නට නොමැත. මෙම ධාරානිපාත වැස්ස නතර වේවා යි යන්න මගේ පැතුම විය.
මෙතුනි ඔනායා
6 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය,
වඳුරඹ.
Reply To:
Name - Reply Comment
0 Comments