මාගේ විනෝදාංශය
- 2020-04-15 10:02:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාගේ විනෝදාංශය මුද්ද්ර එකතු කිරීමයි. දැනට මා ළඟ මුද්දර 700ක් පමණ ඇත. ලංකාවේ පමණක් නොව විදෙස් මුද්දර ද රාශියක් මා ළඟ ඇත. එමෙන් ම පැරණි මුද්දර මා සතුව ඇත. එම පැරණි මුද්දරවල වටිනාකම ද වැඩි ය.මුද්දර එකතු කිරීමෙන් විනෝදයක් හා දැනුමක් මෙන් ම සතුටක් ද ලබා ගත හැකි ය.
විවිධ සැමරුම් මුද්දර, සංවත්සර මුද්දර, විවිධ ශාක හා සතුන්ගේ මෙන්ම විවිධ පුද්ගලයන්ගේ ද රුව සහිත මුද්දර මා සතු වේ. මෙම මුද්දර නිකුත් කරන්නේ මුද්දර කාර්යංශය විසිනි. එම මුද්දර විවිධ අගයන් දරයි. මුද්දර එකතු කර ඒවා අලෙවි කිරීම ද කළ හැකි ය. මුද්දර එකතු කිරීම ලෝකයේ බොහෝ දෙනාගේ විනෝදාංශයක් වී ඇත. එමෙන් ම ‘‘විනෝදාංශයේ රජු‘‘ නැතහොත් ‘‘රජුගේ විනෝදාංශය‘‘ ලෙස ද මුද්දර එකතු කිරීම සලකනු ලැබේ.
සංජීව කුමාර,
8 ශ්‍රේණිය,
මො/මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය,
මාගන්දන.
Reply To:
Name - Reply Comment
0 Comments