Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මී මැස්සා

  • 2018-12-25 23:07:49
  • 0 Comments

මී මැස්සා ඉතා කඩිසර සතෙකි. තියුණු තුඩක් හා හුරැබුහුටි අත්  වේගයෙන් සලමින් ඈතට ඈතට ගොස් මලින් මලේ පැණි  උරාබොයි. ඒවා ගෙනැවිත් ගස් බෙනවල සාදන ලද මි වදයේ තැන්පත් කරයි. මී වදයට කුමන හෝ සතෙක් ළං වුවහොත් උගේ තියුණු දළවලින් පහරද දී සටන් කරයි. මී මැස්සා කුඩා සතකු වුවද ඌ තුළ ඇති එඩිතරකම, කඩිසරකම අති මහත් ය. 
මී වදයක ප්‍රධානියා වන්නේ මී මැසි රුජිනයි. මී මැස්සා දිවා රූ නොබලා ආහාර  රුස් කිරීමට වෙහෙසෙයි. ඌ කඩිසරකම අතින් මිනිසාට වටිනා පාඩමක් උගන්වයි. ගබඩා කර තබාගන්නා මීපැණි ඉතා රසවත් ය. ඖෂධීය ගුණයෙන් ද යුක්ත ය. ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස මී පැණි හැඳින්විය හැකි ය. මෙය බොහෝ බෙහෙත් වර්ග සැදීම සඳහා ද යොදා ගනී.
මී වදය සෑදීම ද මීමැස්සාගේ විශේෂ දක්ෂතාවකි.සියුම් කාමර රාශියක් සිටින ලෙස මී වදය සාදාගන්නේ තම ශරීරයෙන් පිටවන ඉටි විශේෂයකිනි. බලන්න, මේ මි මැස්සාගේ කඩිසරකමත් උත්සාහවන්තකමත්. අපිත් මේ පුංචි මී මැස්සා ආදර්ශයට ගනිමු.

තමුදි මල්ෂිකා
9 ශ්‍රේණිය,
බප/ගම්/සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය,
කිරිඳිවැල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.