මුහුදු වෙරළේ මොහොතක්
- 2019-09-17 23:00:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහවල් කාලයේ පැවති දැඩි අවු රශ්මිය සහ දැඩි උණුසුම කෙමෙන් කෙමෙන් අඩු වී යයි. දහවලේ පැවති හිරැ ආලෝකය නිමා වී අඳුර සොයන මොහොතකි. යම් තරමකින් සිසිලසක් ගෙන දෙන මන්දගාමි ස්වභාවයක් උසුලන සැඳෑ සුළඟ මා ගත දැවටී හමා යද්දී මම කෙමෙන් කෙමෙන් මුහුදු වෙරළට පිය නැගුවෙමි. මුහුදු වෙරළේ වැලි මා දෙපා අල්ලා ගන්නාක් මෙන් විය.
මුහුදු රළ ධවල පෙණ පිඩු සදමින් ඝෝෂාකාරි හඬක් නගන්නට විය. මම වෙරළ තීරයේ ඇවිදිමින් වෙරළ අසිරිය වින්දෙමි. බටහිර අහස රත් පැහැති ය. එදෙස බැලීමට තරමක් අපහසු ය. මම නැවතත් වෙරළ දෙසට හැරැණෙමි. වැලි මාලිගා සාදන ළමයින් පිරිසක් පෙනුණි. මුහුදු රළ ඔවුන් සමග අමනාපෙන් මෙන් ඒවා කඩා දැමුවේ ය. මුහුදු රළ විටින් විට පැමිණ මගේ දෙපා ද සිප ගත්තේ ය.
නැවතත් අහස දෙස යොමු කළ දෙනෙත් විහඟුන් කරා ඇදී ගියේ ය. උන් නගන හඬ දෙසවන් පිනවයි. එදින දුන් ආලෝකය නිමා කරමින් මහ සයුර හිරැ කුමරා ගිලි ගනී. අඳුර වැටීගෙන ආ නිසා මම නැවත නිවස කරා පිය නැගුවෙමි.
අසිත්මා දින්මලී පතිරත්න
9 ශ්‍රේණිය,
හලා/ සේනානායක ජාතික පාසල,
මාදම්පේ.
Reply To:
Name - Reply Comment
0 Comments