යහපත් මිතුරු ඇසුර
- 2020-01-06 09:33:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යහපත් මිතුරන් යනු හොඳ ක්‍රියාවල යෙදෙන දුසිරිතෙහි නොයෙදී හොඳසිරිත් අනුගමනය කරමින් සිටින අය ය. අප කවුරැත් තනිව සිටින්නට කැමති නැත. ඒ නිසා කුඩා කල සිට ම අපි සියලු දෙනා ම මිතුරන් ඇසුරැ කරන්නෙමු. එහෙත් මෙහිදී වඩා වැදගත් වන්නේ යහපත් මිතුරන් ඇසුරැ කිරීම ය. හොඳ මිතුරන් නම් දුකේදීත් සැපේදීත් අප අත් නොහැර අප හා රුඳී සිටින අය ය . එමෙන්ම හොඳ මිතුරෝ නිතරම තම මිතුරාගේ යහපත සහ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරති. අප බුදුන් වහන්සේ ද අපට මග කියා දුන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර යි.
යහපත් මිතුරන් කිසිදු අවස්ථාවක වැරදිවලට තම මිතුරා පොලඹවන්නේ නෑ. තම මිතුරා නොදැන හෝ වැරදි දෙයකට පෙලඹෙන අවස්ථාවක් දකින හොඳ මිතුරා ඔහුව ඉන් මුදා ගනිති. නිරතුරැව යහපත් කටයුතු සඳහා තම මිතුරාව යොමු කිරීමට හොඳ මිතුරෝ උත්සාහ දරති. මිතුරාගේ ආරක්ෂාව ගැන සලකන හොඳ මිතුරා තම මිතුරාගේ අඩුපාඩු තැන තැන නොකියයි. වාසි බලාගෙන කටයුතු නොකරන හොඳ මිතුරෝ යහපත් මිතුරෝ වෙති.
යහපත් මිතුරන් ඇති කර ගැනීමට අප තුළ ද යහපත් ගතිගුණ ඇති කර ගත යුතු ය. අප ද එම මිතුරන්ට සැලකිය යුතු ය. දුකේ දී සැපේ දී ඔවුන් රුකබලා ගත යුතු ය. විපතේ දි අත් නොහැර සිටිය යුතු ය. යහපත් මිතුරන් ඇති සමාජයක් යහපත් වන නිසා ම අපි සැමදෙනා ම හොඳ මිතුරන් වීමට උත්සාහ කරමු.
ගිහාන් තිසිර
9 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments