රාත්‍රි අහස
- 2019-11-22 11:55:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුළු ලොව ම හිරැ එළියෙන් නහවන හිරැ කුමරා බටහිර අහසින් බැස යන්නේ සඳ කුමරැන්ට ආරාධනා කරමින් ය. ඒ සමගම මුළු ලොව ම සඳ එළියෙන් නහවමින් නැගෙනහිර අහසේ පායන්නේ රාත්‍රිය උදා වූ බව හඟවමිනි.
හඳහාමි රන්තැටියක් මෙන් දිදුලයි. රාත්‍රි අහසේ පායා එන තරැ කුමරැන් රන් තැටියක් මෙන් බබළන හඳහාමිව තවත් අලංකාර කරයි. පොළෝ තලය මත පතිත වන සඳ එළිය නිසා ඇට්ටේරියා, කඩුපුල්, සේපාලිකා යන මල් පිපී දසත සුවඳ හමයි.
උදෑසන අවදි වී කෑම සොයාගෙන යන කුරැල්ලෝ තමාගේ කටයුතු අහවර කර ගිමන් හැරීමට රාත්‍රි කාලයේ නිදාගනිති. එමෙන් ම යන්ත්‍රයක් මෙන් වැඩ කරන මානවයා ද ගිමන් හරින්නේ රාත්‍රි කාලයේ ය. ඒ සමගම උදෑසන සිට නිදාගෙන සිටි රාත්‍රියේ අවදි වන බකමූණෝ වවුලන් වැනි කුරැල්ලෝ රාත්‍රි අහසේ පියාඹති
හඳහාමි මුළු පොළෝතලය සිප ගන්නේ චමත්කාරජනක රටාවක් මවමිනි. ගලා යන නදියේ පතිත වන්නා වූ සඳ එළිය ජලයේ අලංකාර දසුනක් මවයි. එසේ ම ගොවීහු රාත්‍රි කාලයේ තමාගේ හේන ආරක්ෂා කිරීමට නිදිවරමින් පැල් රකිති. ඒ සමගින් ම වෙල්යාය දෙසින් ඇසෙන බටනළා වාදනය රාත්‍රියේ සුන්දරත්වය තවත් වැඩි කරමිනි. මේ ආකාරයේ හැඩ තල මැවූ හඳහාමි නික්ම ගියේ උදෑසන හිරැ කුමරාට දවස ආරම්භ කිරීමට කරන කැපවීමක් ලෙසිනි.
හිරැණි දිව්‍යාංජලි බණ්ඩාර
7 ශ්‍රේණිය,
ගා/හියාරේ නැගෙනහිර කනිෂ්ඨ විද්‍යාලය,
ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments