රාත්‍රි අහස
- 2018-09-21 15:09:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාත්‍රි අහස කළුවර නිසාවෙන් පුංචි ළමයි රාත්‍රියට බියවෙති. ඒත් රාත්‍රිය දෙස නිර්මාණශීලීව බලන්නෙකුට රාත්‍රි අහස පෙනෙන්නේ කඩදාසියක සිත්තම් කළ බොහෝම සුන්දර සිත්තමක් ලෙසය. රාත්‍රියේ චන්ද්‍රයා පායා ආ විට අහස පොළොව මත තැබූ කිරි මුට්ටියක් වැනිය. රාත්‍රි අහසේ තාරකා පරිසරයේ පියාඹන කණාමැදිරියන් වැනිය. චන්ද්‍රයා ඇතුළත සිටින හාවා පුංචි අප දෙස බලා සිටින්නාක් මෙන් පෙනේ. රාත්‍රි අහසේ පායන තාරකා සහ චන්ද්‍රයා අස්සෙන් රහසින් පායා එන සුරංගනාවියන් මේ පුංචි අපිව සුරංගනා ලෝකයකට රුගෙන යයි. ඒ සුරංගනා ලෝකයේ තටු ගසමින් ඉගිළෙන අපට මනුෂ්‍ය ලෝකය සිහිවනුයේ නින්ද හදිස්සියේම පැන ආ විටය. නිදිමත වී ඇදට දිව යාමට සිදුවන මොහොතේ රාත්‍රි අහස නැරඹීම අවසන් වෙන්නේ යැයි, අපේ මේ පුංචි සිතට දුකක් ඇති වන්නේ නමුත් යළිත් රාත්‍රි අහස නැරඹීමේ බලාපොරොත්තුවෙන් සුව සේ නින්දට යමි.
සමාධි ලෝචනා
9 වැනි ශ්‍රේණිය,
ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය,
ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments