ලංකාවේ දියඇල්ලක් නරඹන්න ගියෙමු
- 2020-01-17 10:36:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොහොතකට හෝ දූවිල්ලෙන් පිරැණු මේ කර්කශ පරිසරයෙන් මිදී ස්වභාව ධර්මයේ සොඳුරැ සුවදායි පරිසරයකට යන්නට ඇත්නම් කෙතරම් භාග්‍යක් ද? එවන් අවස්ථාවක් මට ලැබේ නම් මා තෝරා ගන්නේ මනහර දිය ඇල්ලක් ගලා බසින ස්ථානයකි. එවන් අවස්ථාවක දී අප තෝරා ගන්නේ ප්‍රධාන මහා මාර්ගයෙන් එපිට තිබෙන්නා වූ අතිරමණීය වන දුන්හිඳ දිය ඇල්ලයි.
අපි දුන්හිඳ ඇල්ල සමීපයට ප්‍රවේශවූයේ අප ගිය මෝටර් රථයෙනි.එහි ජලය පහළ
ප්‍රදේශයට පතිත වන්නේ මනාලියකගේ සේද සළුව තිබෙන්නාක් මෙනි.එහි පෙණ පිඩු නංවමින් කන්ද මුදුනේ සිට පහළ ප්‍රදේශයට කඩා වැටෙයි. එය අපට දර්ශනය වන්නේ සුදු පුලුන් සමූහයක් පහළ වැටෙන්නාක් මෙනි.
අපට එහිදී එම ප්‍ර දේශයේ පදිංචිව සිටි මහලු වියේ පසු වූ මිනිසකු හමු විය. ඔහුගෙන් අප දිය ඇල්ල පිළිබඳ විස්තර දැන ගැනීමට තිබුණේ මහත් කුතූහලයකි. ඔහු කුඩා අවදියේ දී මෙම දිය ඇල්ල ඉතා විශාල දිය ඇල්ලක් බව ඔහු පැවසුවේ ය. ඔහු කුඩා කල ගන වනාන්තරයක් තිබූ බවත් එහි ගස් කපා දැනට පවතින්නේ එම වනයෙන් ¼ක් පමණක් බවත් ප්‍රකාශ කළේ ය. තව දුරටත් පැවසූ ආකාරයට වැසි රහිත කාලයේදී ද එයින් විශාල ජලදහරාවක් ගලා ආ නමුත් දැන් ගලා බසින්නේ ඉතා කුඩා දිය පහරක් ය. ඔහුගේ මුහුණේ අපට දක්නට ලැබුණේ ඉතා කනස්සලු ස්වභාවයකි. ස්වභාවධර්මනේ ලොවට දායාද කළ දෑ අපි අනාගත පරපුරට දායාද කළ යුතු ය යන ප්‍රකාශය ද ඔහු කළේ ය. මෙම චාරිකාවෙන් අප ඉතා වින්දනයට පත් වූ බව නොකියා ම බැරි ය.
තිනෙර රවිහ්ක
9 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments