වන අසිරිය
- 2019-10-27 21:40:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීත මීදුම් පටල සිප ගනිමින් ඈත කඳු මුදුනින් හමා එන මදනල වන රොද කරා හඹා යන්නේ එහි සුන්දරත්වය විඳ ගැනීමට ඇති මහත් ආසාවෙනි. සූර්ය දෙවියන් තම කාර්ය අරඹත් ම ගස් අතරින් පතරින් වැටෙන ළා හිරැ කිරණ රන් රේඛා මෙන් ඈතට දිස්වුණි. ඒ අතරේ මධ්‍ය යෙහි ඇති මුදු ඇට මෙන් පිපී එන පුෂ්පයෝ වන අරණේ දස්කම් පාති.
උදෑසන ම කිචි බිචි ගාමින් වනයේ තැන තැන වෙසෙන පක්ෂීන් වනයේ නිහැඬියාව මැකුවත් එය කනට මිහිරකි. වන මැද සිටි මුව රුළක් වනයෙන් එපිටට යන්නේ තණ බිම් තුළ ඇති ළා තණකොළ දලු කෑමට ඇති අභිප්‍රායෙන් යැයි මට හැඟේ. ඇත්රුළ නගන කුංචනාදය ඈතට ඇසුණත් ඔවුන් වනයෙන් එපිටට නොයන්නේ පැරණි තණබිම් කෙරෙහි ඇති මතකය නිසා යැයි මගේ විශ්වාස ය. ඉර තම කාරිය මුදුන්පත් කරයි. සූර්ය කිරණ චණ්ඩ බවට හැරැණි. එදෙසින් පැමිණෙන ගන වලාවෝ හිරැ වසා ගත්හ. දැන් වලාවන් හඟවන්නේ වර්ෂාව ලබා දෙන ලෙස ය. කුඩා වැහි පොද මිහි මඬල සිප ගනියි. කෙමෙන් කෙමෙන් වැහි බිඳු වේගවත් විය. මොරගෙඩි තරමට විශාල වැහි බිඳු ධාරානිපාත වර්ෂාවක් ලබා දීමට සමත් විය. වර්ෂාවට තෙමී ගිය වනසත්තු බුම්මාගෙන සිටිති. එසමෙහි කෑ ගසමින් අතු පතර පැන ගිය රිලා රුළ අපට හැඟෙවුවේ නැවුම් පලතුරැ නෙළීමට යන වගයි. සූර්ය දෙවියෝ විඩාබර ය.
පුෂ්පයෝ නිදන්නට වුහ. ඒ හෙට දිනත් පිබිදීමට ඇති බලාපොරොත්තුව අදිටන් කරගෙන ය. හිරැ කුමරා බැස ගියේ ය. ඒ අඩුව පිරවීමට සඳ කුමරා සමතෙකි යැයි වන දෙවියා දැන සිටින්නේ ය. පරිසරය නිසොල්මන් ය. සතුන්ගේ බිය ජනිත කරන සමය උදා විය. නිශාචරයන් පියාඹන්නට විය. වනය ආලෝකවත් ය. නෙළුම් මලෙන් ඇද හැලෙන මුතු කැට මෙන් දිය බිඳු බබලන්නට විය. මෙවන් සුන්දර වූ දවසක් හෙටත් උදාවේ යැයි මාගේ විශ්වාසය ය.
නෙත්මියා මදුශාන්
8 ශ්‍රේණිය,
මො/කටුගහගල්ගේ කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments