වැරදි හදමු
- 2018-09-14 10:10:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපගේ ලෝකනාථයන් වහන්සේ වදාළ ආකාරයට මෙලොව වටිනා පුද්ගලයන් දෙදෙනෙක් සිටිති. පළමු වැන්නා අන් අයගේ මග පෙන්විම අනුව වරදින් මිදී දිවිය සාර්ථක කරගන්නා ය. දෙවැන්නා තමන් විසින් ම කරැණු විමසා බලා වරදින් මිදී යහපතෙහි හැසිරෙන්නා ය. පෙර අපගේ වැරදි තිබුණත් සත්පුරැෂයන්ගේ උපදෙස් මත හෝ තමා විසින්ම ඒවායේ ආදිනව දැක වරදින් මිදි යහපතෙහියෙදීමට අපට හැකියාව තිබේ. අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේ මෙයට කදිම නිදසුනකි. සමාජයේ වූ වැරදි හේතුවෙන් අහිංසක , අංගුලිමාල බවට පත්වූවත් අවසානයේ දී බුදු කරැණාවට යොමු වූයේ පෙර කරන ලද කුසල් හේතුවෙනි. අප බුදු හිමියන් අංගුලිමාල දරැණු අපරාධකරුවෙක් යැයි සිතා පිහිට නොවූණානම් අංගුලිමාල සිය මව මරා අපාගත වනු ඇත. බුදුහිමියන් බෞද්ධ අපගේ ශාස්තෘෘන් වහන්සේ ය. උන් වහන්සේ අනුගමනය කිරිම අපගේ පිළිවෙතයි. එනිසා මේ සමාජයේ සිටින වැරදිකරැවන් සදා ඔවුන්ට යහපත් පුරවැසියන් කළ යුතුය. අපහාසය නොව අප ඔවුනට හැදීමට ශක්තිය ලබා දිය යුතු ය.
නෙත්මි කාවින්ද්‍යා ජයතිලක
11 ශ්‍රේණිය,
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments